වැලිකඩ ඝාතකයින් අත්අඩංගුවට ගන්නැයි විරෝධතා


(ශාන්ත රත්නායක)

2012 වැලිකඩ බන්ධනාගාර රැඳවියන් ඝාතනය කළ මිනීමරුවන් වහා අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් බන්ධනාගාර රැඳවියන් ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව අද (12) වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිටදී විරෝධතාවක නිරත විය.

සිරකරුවන්ට බන්ධනාගාර තුළදී අවශ්‍ය පහසුකම් සපයා දෙන ලෙසද ඔවුහු මෙහිදි රජයට බල කර සිටියහ.

නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා එම අවස්ථාවට පැමිණ විරෝධතාකරුවන් ඇමතීය.