ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙරටට


(ටී.කේ.ජී.කපිල)

මෙම ලෝක කුසලාන තරගාවලිය තුළ ශ්‍රී ලංකා කණ්ඩායමට ධනාත්මක මෙන්ම ඍණාත්මක අවස්ථාවලට මුහුණ දීමට සිදු වූ බවත් , අප කණ්ඩායම හැමවිටම උපරිමයෙන් ක්‍රීඩා කළ බවත් ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක ශ්‍රී ලංකාවට පැමිණෙමින් කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී අද (07) උදෑසන පැවසීය .

එසේම තමන් ධනුෂ්ක ගුණතිලකගේ සිදුවීම පිළිබඳව කනගාටු වන බව ද වැඩිදුරටත් පැවසීය .

එමෙන්ම ඉදිරි දිනවල පැවැත්වීමට නියමිත ඇෆ්ගනිස්තාන තරගාවලියට සහභාගී වීමට තමන් ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම් වන බව ද දසුන් ශානක කටුනායක ගුවන් තොටුපළේ දී පැවසීය .

වෙනත් කිසිවක් ප්‍රකාශ නොකළ දසුන් ශානක ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායම කඩිනමින් ගුවන් තොටුපළෙන් පිටත්ව ගියහ .

ශ්‍රී ලංකා කණ්ඩායම ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළට  අද (07) උදෑසන 08.27ට පැමිණ තිබුණි .