සයිටම් විරෝධතාකරුවන්ට ජල හා කඳුළු ගෑස්


(ඉන්දිකා රාමනායක/ නාලක සංජීව දහනායක)

මාලබේ සයිටම් ආයතනයට එරෙහිව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු සයිටම් විරෝධී ජන පවුර සංවිධානය කළ විරෝධතාවයට මීට සුළු මොහොතකට පෙර කොල්ලුපිටිය අගමැති කාර්යාලය අසලදී පොලිසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේය.

අද(10) පුරහල අසලින් ඇරඹි විරෝධතාවය කොල්ලුපිටිය දෙසට ගමන් කළ අතර ඔවුහු අගමැති කාර්යාලය දක්වා යාමට උත්සාහ කිරීමේදී පොලිසිය එසේ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇත.

(ඡායාරූප සහ වීඩියෝ-ශාන්ත රත්නායක)