සහරාන්ගේ තවත් ගෝලයකු අත්අඩංගුවට


(වසන්ත චන්ද්‍රපාල)

රාජ්‍ය බුද්ධි අංශයේ අම්පාර කාර්යාලයට ලැබුණූ තොරතුරු මත තව්හීත් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරි සාමාජිකයින් ලෙස කටයුතු කළ ජමාතේ මිල්ලතේ ඉබ්‍රාහිම් සංවිධානයේ  සාමාජිකයකු අද (22)  අත්අඩංගුවට ගත් බව අම්පාර පොලිසිය පවසයි.

මෙම පුද්ගලයා නුවරඑළිය කඳවුරුවල පුහුණු වී තිබෙන බව රාජ්‍ය බුද්ධි සේවාවේ නිලධාරීන් විසින් තහවුරු කරගෙන තිබේ.

මොහොමඩ් රෆයිඩීන් මොහොමඩ් අලී නැමැති මෙම සැකකරුවන් වටදෙණිය වෙළංබඩ ගම්පොළ පදිංචි පුද්ගලයෙකි.

සහරාන් විසින් නුවරඑළිය පැවැත්වු පුහුණු කඳවුරට සහාභාගී වී ඇති අතර පුහුණුවෙන් පසුව අබු ඉක්‍රිමා යන නාමය ඔහුට ලබාදී තිබේ.

අම්පාර රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන්ගේ තොරතුරු අනුව මේ වනවිට 16 දෙනෙකු අම්පාර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.