(යොහාන් භාසුර)
මහනුවර සිට මාතර දක්වා ධාවනය වෙමින් තිබූ සීඝ්‍රගාමී දුමිරිය කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර අද (1) පෙරවරුවේ පීලි පැනීම හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා ඇති වී තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පැවසීය.
එම දුම්රිය පීලිගත කිරීම මේ වන විට ආරම්භ කර ඇති බවත් දුම්රිය ධාවනය හැකි ඉක්මණින් යථා තත්වයට පත්කරන බවත් එම නිලධාරියා කීය.