‘‘ප්‍රජාතන්ත්‍රවාදය ශිෂ්ටත්වයට පත් කළ හැක්කේ ජවිපෙට පමණයි‘‘


(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජූලිගේ)

අශිෂ්ටත්වයට පත්වූ ප්‍රජාතන්ත්‍රවාදය ශිෂ්ටත්වයට පත් කළ හැක්කේ ජනතා විමුක්ති පෙරමුණට පමණක් යැයි එහි නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (14) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊළඟ වතාවටත් ජනාධිපති වීමේ නිර්ලජ්ජිත ක්‍රියාවට දැනුවත්ව හෝ නොදැනුවත්ව මහින්ද රාජපක්ෂ අගමැතිවරයා බිලි වූයේ යැයි කී දිසානායක මහතා රාජපක්ෂ මහතා ඡන්ද විමසීමට පෙරම සභාගැබෙන් පිටත්ව යාමට පෙර යන්නදැයි තමාගෙන් විමසූ බව ද කීය.

විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් වූ අවස්ථාවේ කිසිවෙක් ඒ සඳහා බෙදීමක් හෝ ඡන්දයක් ඉල්ලා නොසිටි බවද කී ඒ මහතා විශ්වාසභංග යෝජනාව රාජපක්ෂ මහතාගේ මුහුණ ඉදිරිපිටදී පරාජයට පත්වීම මගින් එතුමාගේ ගෞරවය ආරක්ෂා වනු ඇතැයි සිතන්නට ඇති බවද කීය.

රාජපක්ෂ මහතා පිළිබඳව තමන්ට කණගාටුවක් ඇති බවද කී ජනතා විමුක්ති පෙරමුණේ නායකයා කුමන්ත්‍රණකරුවන් එතුමා උපයෝගී කරගත් බවද කීය.

මේ සඳහා එතුමා වමේ සිටි කණ්ඩායමේ විමල් වීරවංශයට , රෝහිත අබේගුණවර්ධනට , කෙහෙළිය රඹුක්වැල්ල සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු ආදි සියලු දෙනාටම එරෙහිව අධිකරණයේ නඩු විභාග වෙමින් පැවති බවද ඔවුන්ට අධිකරණයට අත තබාගැනීමේ වුවමනාවන් ද තිබූ බවද දිසානායක මහතා ඔවුන්ගේ ඒ වුවමනාවේ ගොදුරක් බවටද මහින්ද රාජපක්ෂ මහතාට පත්වීමට සිදුවූ බවද කීය.

පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු ශාලා අංක 1හි අද (14) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා මෙම අදහස් පළ කළේය.

 

 ( වීඩියෝ රොමේෂ් ධනුෂ්ක සිල්වා )