(නිමල කොඩිතුවක්කු)
වත්මන් රජය යටතේ දේශපාලන පළිගැනීම් වලට ලක්වූ සහ රැකියා අහිමි වූ සියලුම දෙනාට මහමැතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසු වන්දි සමඟ ඒ රැකියාවම යළි ලබාදෙන බව සමගි ජනබලවේගයේ නායක සහ හිටපු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී අද (06) පැවසීය.
එමෙන්ම මැතිවරණ සමයේ බොරුවට අයදුම්පත් ලබාදෙන රංගනය නතර කර ලක්ෂ ගණනින් රැකි රක්ෂා උත්පාදනය කරන නවෝත්පාදනය සහ දැනුම මත කේන්ද්‍රගත වූ ආර්ථිකයක් ගොඩනගන බවත් හිටපු විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
කොළඹ 8, ලේක් ඩ්‍රයිව් පිහිටි කබීර් හෂීම් මහතාගේ නිවසේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
අයදුම්පත් කැඳවීමේදී ඉල්ලුම්පත් සඳහා මුදල් අයකිරීම තමන් අනුමත නොකරන බවත් පැවසූ හිටපු විපක්ෂනායකවරයා නවීන තාක්ෂණය මේ සඳහා උපයෝගි කරගත යුතු බවත් සඳහන් කළේය.