(අජිත්ලාල් ශාන්තඋදය)
නුවරඑළිය දිස්ත්‍රික්කයේ නල්ලතන්නිය සහ අවට වතුආශ්‍රීත ප්‍රදේශවලින් කඳුකර කොටි හෙවත් පැන්තර පාදුස්, මදුවලට හසුවීමෙන් ගෙවුණු පස්වසර තුළ කොටි මරණ 14ක් වාර්තා වූ බව වනජිවී දෙපාර්තමේන්තුවේ සමනල ස්වභාව රක්‍ෂිතයේ වනසත්ත්ව අඩවි ආරක්‍ෂක ඩී.පී සියාසිංහ මහතා පැවසීය.
එළඹෙන ශ්‍රීපාද සමයත් සමග සමනල කඳු ආශ්‍රිතව වෙසෙන කඳුකර කොටියන් වතුකරයේ ඇතැම් පිරිස් ,වනසතුන් අල්ලා ගැනීමට අටවන මදුවලට ගොදුරුවීමේ අවදානමක් ඇති බැවින් ඒ පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීම සඳහා මේ දිනවල පැවැත්වෙන වැඩසටහනක් අතරතුරදී සියාසිංහ මහතා මේ බව කීවේය.
සිරිපා සමයේ වන්දනාකරුවන් පමණක් නොව ඇතැම් පිරිස් විනෝද චාරිකා සඳහා කණ්ඩායම් ලෙස ශ්‍රීපාද අඩවියට සංක්‍රමණය වන අතර එවැනි විනෝදයට එන පිරිස් දඩමස් ඉල්ලීම නිසා දඩමස් විකිණීමට සතුන් අල්ලා ගැනීමට මදුගැසීමෙන් ගම්වදින කඳුකර කොටියා ද මදුවලට හසුවන බව ඔහු පෙන්වා දුන්නේය.
මේ වතු අධිකාරීවරුන්, වතු කාර්ය මණ්ඩලය, වතු ජනතාවට කඳුකර කොටියා සම්බන්‍ධයෙන් දැනුවත් කර මදුවලට එවැනි කොටියෙක් අසුවු විට ඒ සතා මරණයෙන් මුදවා ගැනීමට වනජීවිය එනතුරු ක්‍රියාකළයුතු ආකාරය ගැන දැනුම සහ උපදෙස් මෙම වැඩසටහන් වලදී ලබාදීම සිදුවිය.
මෙහිදී අදහස් දැක්වූ සියාසිංහ මහතා මෙසේද කීවේය.
‘ලෝකයේ බිලාල කුලයේ සත්තු වර්ග 15න් ලංකාවේ ඉන්නේ පැන්තරා පාදුස් කොටියා විතරයි. කඳුකර ප්‍රදේශයේදි මේ සතා කඳුකර කොටියා කියලත් හඳුන්වනවා. මිට අමතරව ලෝකයේ බිලාල පවුලේ කුඩා සත්තු විශේෂ 33ක් ඉන්නවා. ඒ සත්ත්ව විශේෂ 33න් වර්ග තුනක් ලංකාවේ ඉන්නවා. ඒ තමයි කොළ දිවියා, හඳුන්දිවියා සහ වල් බළලා. මේ සත්තු අතරින් කොළ දිවියා සහ හඳුන් දිවියා යන වර්ග දෙක කඳුකර ප්‍රදේශවල දැකිය හැකියි.
කඳුකරයේ වනාන්තර ආශ්‍රීතව වෙසෙන වල් ඌරෝ, මීමින්නෝ, වැනි වනසත්තුන් අල්ලාගන්න වතු ආශ්‍රීත ජනතාව මදු අටවනවා. කැලෑවේ ඉඳලා ආහාර හොයාගෙන ගම්වලට එන කඳුකර කොටියත් මේ මදුවලට අහුවෙනවා. ඒ නිසා කඳුකර කොටියා මොනවගේද කියන එක වතුආශ්‍රිත ජනතාවට අවබෝධයක් ලබාදීමට අපේ දෙපාර්මේන්තුව දැන් වතු ජනතාව දැනුවත් කරනවා. පිංතූර වගේම වීඩියෝ වැඩසටහන් මගින් ඒ දැනුම ලබාදෙනවා.’