බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ආගමන පරිශ්‍රයේ වියට්නාම් ජාතික කාන්තාවක් හඬමින් සිටියාය. වියට්නාම භාෂාව හැර වෙනත් භාෂාවක් නොදන්නා ඇයට උදව් කිරීමට හැකි කිසිවෙක් නො විය. ඇය වියට්නාම් ජාතික කාන්තාවක් බව හඳුනාගත හැකි වූයේද ඇයගේ ගමන් බලපත්‍රය අත තිබූ බැවිනි.
ප්‍රධාන ආගමන විගමන නිලධාරි යාපා මහතාත් තවත් නිලධාරියකුත් දන්නා තරම් භාෂාවලින් කථා කළද පලක් නො විය. ඇයට ඒ කිසිවක් නොවැටහිණ. අවසානයේ එක් විසඳුමක් ලැබුණි. ඒ ඇය සතුව තිබූ ජංගම දුරකථනයයි.
ශ්‍රී ලාංකික නිලධාරියා දුරකථනයේ ගුගල් ට්‍රාන්සලේටර් හරහා වියට් භාෂාවට පරිවර්තනය කර කළ යුතු දේ පෙන්වූයේය. ඇයද වහා ක්‍රියාත්මක වී ඇයට අවශ්‍ය දේ වියට් භාෂාවෙන් ලියා එය ඉංග්‍රිසියට පරිවර්තනය කර පෙන්විමට සමත් වූවාය.
ඒඅනුව දින දෙකක් කෑමක් නැතිව වතුර පමණක් පානය කරමින් සිටින බවත් මිළඟ ගුවන් යානයෙන් වියට්නාමයට යාමට ක්‍රියා පිළිවෙළ නො දන්නා බවත් උදව් කරන ලෙසත් ඇය ඉල්ලා සිටියාය.
ඇයට කෑමට යමක් සපයා දීමට ප්‍රධාන ආගමන විගමන නිලධාරි මහතා වහාම ක්‍රියා කළ අතර අදාළ ගුවන් සමාගම් වලටද කථාකර සියල්ල විසඳීමට හා ගූගල් පරිවර්තකය මඟින් සියලු ක්‍රමවේදයන් ඇයට දැන්විමටත් ශ්‍රී ලංකා නිලධාරීන්ට හැකිවිය.
එය අහඹු හුදකලා සිදුවිමක්වුවත් අවසානයේ ඇය ශ්‍රී ලාංකිය නිලධාරීන්ට ස්තුති කරමින්
සිය දුරකතනයේ සටහනක් තැබුවාය. වියට්නාම් බසින් තැබු සටහන ඉංග්‍රිසියට පර්වර්තනය වූ ආකාරය මෙසේ විය.
"Thank you. Finally god led me to the humans."
‘‘ ඔබට ස්තුතියි, දෙවියන් අවසානයේදී මා මිනිසුන් අතරට යැව්වා‘‘ යයි එයින් කියැවිණි.