එය පාරිභෝගිකයා මත පටවන අකාර්යක්ෂමතාව, නාස්තිය, වැරදි කළමනාකරණය හේතුවෙන් වූ ඉහළ පිරිවැයක් ද නැතහොත් සත්‍ය පිරිවැයක් ද?
රාජ්‍ය ව්‍යවසාය අලාභ ලැබීම අඩු කළ යුතු බව සහ පිරිවැය ආවරණය වන විදුලිය මිලක් පවත්වා ගත යුතු බව IMF ගිවිසුමේ සඳහන් වෙයි. මෙහි තේරුම වන්නේ රාජ්‍ය ව්‍යවසාය කාර්යක්ෂම ලෙස කළමනාකරණය කළ යුතු බව මෙන්ම ඒවා ලංකා විදුලි බල මණ්ඩලය වැනි ඒකාධිකාරියක් නම් IMF පිට වරද පටවමින් අකාර්යක්ෂමතාව, නාස්තිය, වැරදි සැලසුම් සහ කළමනාකරණය පාරිභෝගිකයා මතට නොපැවරිය යුතු බවයි. ඒවා වගවිය යුතු අතර, දේශපාලන මැදිහත්වීම්වලින් තොරව නියාමනයකට වගකිව යුතුය.
ලංකා විදුලිබල මණ්ඩලයට දැන් තුන්වැනි මිල සංශෝධනයක් අවශ්‍යව ඇති අතර, මිල සංශෝධනයක් ලබා ගැනීමට අවශ්‍ය විස්තර නියාමක වෙත ඉදිරිපත් කර ඇත.
එසේ ඉදිරිපත් කර ඇති හේතු වන්නේ වර්ෂාව නොමැති වීමෙන් ජල විදුලිය ජනනය කිරීමට අවශ්‍ය තරම් ජලය ජලාශවල නොමැති වීම සහ විදුලිය ක්‍රියාවිරහිත කාලය හේතුවෙන් ගල් අඟුරු බලශක්ති ජනනය ද අඩු වීමයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස දුප්පත් පාරිභෝගිකයන්, කර්මාන්තකරුවන් සහ අනෙකුත් වාණිජ පාරිභෝගිකයන් කෙරෙහි බලපාමින් විදුලිය මිල වඩාත් අහිතකර ලෙස ඉහළ ගොස් තිබේ.
ජල විදුලිය, තාප විදුලිය, තාප ගල් අඟුරු විදුලිය සහ සුළං සහ සූර්ය බලය ලෙස ලංකා විදුලි බල මණ්ඩලයට බලශක්ති උත්පාදන මිශ්‍රණයක් ඇත.
මෙයින් අදහස් වන්නේ බලශක්ති ජනනය අඩුම පිරිවැයකින් කළ හැකි බවයි. මේ සඳහා තාක්ෂණය යෙදවුම් මෙන්ම නිවැරැදි පිරිවැය ගණනය කිරීමට හැකි සහ පාරිභෝගිකයන්ට, කර්මාන්තකරුවන්ට සහ අනෙකුත් වාණිජ පාරිභෝගිකයන්ට අඩුම පිරිවැයකින් යුත් මිලක් සැපයීමට හැකි වඩා නිවැරැදි පිරිවැය සහ කළමනාකරණ ගිණුම්කරණයක් අවශ්‍යය.
මිල සංශෝධනය කිරීමට පෙර යන්ත්‍රාගාරවල ජනනය වන විදුලියෙහි නිවැරදි මිල කිරීමක් කරනු පිණිස සියලු බල උත්පාදන යන්ත්‍ර සඳහා පිරිවැය විගණනයක් පැවැත්වීම අවශ්‍ය වෙයි. මේ සඳහා ඔවුන් කාර්යක්ෂමතාව තීරණය කිරීම පිණිස පිරිවැය වාර්තා පවත්වා ගත යුතු අතර, එක් එක් යන්ත්‍රාගාරයේ විදුලි ජනනයේ ඍජු පිරිවැය ගණනය කළ යුතුය. මේ අනුව වක්‍ර පිරිවැය මෙන්ම බලශක්ති ජනනයේ ප්‍රධාන පිරිවැයක් වන අමුද්‍රව්‍ය භාවිතය ද හඳුනා ගැනීමට හැකි වෙනවා ඇත.
එසේම එය විදුලි ජනනයේදී ඉහළ පිරිවැයක් ඇති අකාර්යක්ෂම යන්ත්‍රාගාර මෙන්ම පාරිභෝගිකයාට බරක් නොවී ඉවත් කිරීමට අවශ්‍ය යන්ත්‍රාගාර හඳුනා ගැනීමටත් සහය වනු ඇත. මෙම සියලු බල උත්පාදන යන්ත්‍ර සඳහා පිරිවැය වාර්තා පවත්වා ගත යුතුය. මක්නිසාද යත් එම පිරිවැය වාර්තා අනුව නියාමක හට පිරිවැය විගණනයක් පැවැත්විය හැකි වීමත්, ඒ අනුව යන්ත්‍රවල කාර්යක්ෂමතාව පිළිබඳ සෑහීමකට පත්වීමට හැකි වීමත් එසේම මිල සංශෝධනයට පෙර සත්‍ය පිරිවැය දැන ගැනීමට හැකි වීමත් නිසාය.
මිල වැඩි කිරීමට හේතුව ලෙස ඉදිරිපත් කරනු ලබන්නේ වර්ෂාව නොමැති වීමේ ප්‍රතිඵලයක් ලෙස අඩු වියදමින් යුත් ජල විදුලි බලය ලබාගත නොහැකි වීම සහ එහි ප්‍රතිඵලයක් ලෙස විදුලි බල මණ්ඩලය සතු තාප බලාගාර ක්‍රියාකරවීම හෝ පෞද්ගලික නිෂ්පාදකයාගෙන් ඉහළ මිලකට විදුලිය මිලදී ගැනීමට සිදුවීමයි.
එහෙත් තාප ජනනයේ වඩා ලාභ තත්ත්වයක් වූ ගල් අඟුරු බලශක්තිය ජනනය කිරීම ගල් අඟුරු නොමැති වීම සහ යන්ත්‍ර අලුත්වැඩියා කිරීමට සිදුවීම හේතුවෙන් අඩු වී ඇති බව පැහැදිලි වෙයි. මෙය ඇත්තටම කළමනාකරණ තීන්දුවක් වන අතර, වැරදි කළමනාකරණ තීන්දු නිසා ඇති වන පාඩුව පාරිභෝගිකයන් පිට පැවරීම කළ නොහැකිය. නියාමක මෙය සැලකිල්ලට ගත යුතුය.
2021 වර්ෂයේ දී ලබා ගත හැකි වාර්තා අනුව විදුලි ජනන මිශ්‍රණය ජල විදුලිය සියයට 43ක්, ගල් අඟුරු විදුලිය සියයට 33ක්, තාප විදුලිය සියයට 16ක් සහ සුළං සහ අනෙකුත් පුනර්ජනනීයයන් සියයට 8ක් විය. එම වර්ෂයේදී ජල විදුලිය වැඩියෙන් නිපදවීම සහ ඉන්ධන භාවිතය අඩු වීමේ ප්‍රතිඵලයක් ලෙස පාඩුව අඩු වී තිබේ.
එහෙත් වඩාත් ඵලදායී පිරිවැය පද්ධතියක් මගින් කාර්යසාධනය තවදුරටත් වර්ධනය කළ යුතුය. එසේම පාරිභෝගිකයාට ප්‍රතිලාභ ලැබෙන අඩු පිරිවැයෙන් යුත් විදුලි ජනනයක් සැපයීම සඳහා සත්‍ය ජනන පිරිවැය ගණනය කිරීමට සහ කාර්යක්ෂම කළමනාකරණ තීරණ ගැනීමට හැකි වන පරිදි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයකු යටතේ වෙන් වූ පිරිවැය දෙපාර්තමේන්තුවක් ලංවිම විසින් පවත්වා ගත යුතුය.
රජය විදුලිය සැපයීම වෙනුවෙන් සහනාධාරයක් නොදෙන බැවින් වැඩිවන ඕනෑම මිලක් මෙන්ම අමතර පිරිවැය ද පාරිභෝගිකයන් විසින් ගෙවිය යුතුය. මෙහි ප්‍රතිඵලය වන්නේ කර්මාන්තකරුවන් සහ අනෙකුත් වාණිජ පාරිභෝගිකයන් තරගකාරිත්වයෙන් බැහැර වීම සහ පාඩු ලබන තත්ත්වයට පත්වීමයි. අවසානයේදී මෙම ව්‍යාපාර වැසී යාමට ද මෙය හේතුවක් විය හැකිය.
මහාචාර්ය ලක්ෂමන් ආර් වටවල