රට නඟන්න නිර්මාණාත්මක ආර්ථික රටාවක්


නිර්මාණාත්මක ආර්ථිකයට තනි අර්ථ දැක්වීමක් තවමත් නොමැත. එය මානව නිර්මාණශීලිත්වය, අදහස්, බුද්ධිමය දේපළ, දැනුම සහ තාක්‍ෂණය අතර අන්තර් ක්‍රියාකාරිත්වය මත ගොඩනැඟී විකාශනය වන සංකල්පයකි. අත්‍යවශ්‍යයෙන්ම එය ‘නිර්මාණාත්මක කර්මාන්ත’ පදනම් කරගත් දැනුම පදනම් කරගත් ආර්ථික ක්‍රියාකාරකම් වලින් සැදුම් ලද්දකි.

නිර්මාණාත්මක කර්මාන්ත  වශයෙන් හඳුනාගත හැක්කේ වෙළඳ දැන්වීම්, ගෘහ නිර්මාණ ශිල්පය, සැලසුම,විලාසිතා,චිත්‍රපට, වීඩියෝ, ඡායාරූපකරණය, සංගීතය, රංගකලාව, ප්‍රකාශන, පර්​ෙ‌ය්ෂණ සහ සංවර්ධනය, මෘදුකාංග, පරිගණක ක්‍රීඩා, කලා සහ අත්කම් ඉලෙක්ට්‍රොනික ප්‍රකාශන, රූපවාහිනී හා ගුවන්විදුලිය යන අංශයන් ය. මේවා වාණිජ හා සංස්කෘතික වටිනාකමේ වැදගත් ප්‍රභවයක් ලෙස ද සැලකේ. තවත් ලෙසකින් නිර්මාණාත්මක ආර්ථිකය යනු වෙ​ෙළඳාම, ශ්‍රමය සහ නිෂ්පාදනය ඇතුළුව නිර්මාණාත්මක කර්මාන්තවල සියලු‍ම කොටස්වල එකතුවක් වශයෙන්ද හැඳින්විය හැකිය. නිර්මාණශීලිත්වය සහ නව්‍යකරණය පිළිබඳ අදහස් ජෝන් හොව්කින්ස් 2001 දී සිය “නිර්මාණාත්මක ආර්ථිකය” යන ග්‍රන්ථය තුළින් පෙන්වා දී ඇත්තේ මිනිසුන් අදහස්වලින් මුදල් උපයන්නේ කෙසේද යන්න පිළිබඳවය. හොව්කින්ස්ට අනුව, “නිර්මාණාත්මක ආර්ථිකය” යන්නෙන් අදහස් කරන්නේ නිර්මාණශීලිත්වය, දැනුම සහ තොරතුරු සමඟ වෙළෙඳ ක්‍රියාකාරකම්වල සමාජ-ආර්ථික විභවයයි.

අද වන විට නිර්මාණාත්මක කර්මාන්ත ලෝක ආර්ථිකයේ වඩාත්ම ගතික අංශ අතරට එක්ව ඇති අතර ලෝක ආර්ථිකයේ නැඟී එන ආර්ථික වල ඉහළ  වර්ධනය සඳහා පිම්මක් පැනීමට නව අවස්ථා ලබා දෙයි. ජාත්‍යන්තර වෙළඳාම් තුළ නිර්මාණාත්මක කර්මාන්ත පසුගිය දශකය තුළ තිරසාර වර්ධනයක් පෙන්නුම් කරයි.එය ගෝලීය වෙ​ෙළඳාම තුළ 7% ක වර්ධනයක් පෙන්නුම් කරයි. වෙළඳාම් කරන ලද නිර්මාණාත්මක භාණ්ඩ හා සේවා සඳහා වන ගෝලීය වෙළෙඳපොළ පුළුල්වීමක් සිදුවී තිබේ.

සංවර්ධිත කලාපයේ රටවල් අතර නිර්මාණාත්මක භාණ්ඩ අපනයනය කරන විශාලතම කලාපය යුරෝපයයි. ජර්මනිය, ප්‍රංශය, ස්විට්සර්ලන්තය, නෙදර්ලන්තය සහ බෙල්ජියම යන රටවල් ප්‍රධාන නිර්මාණාත්මක භාණ්ඩ අපනයනකරුවන් 5 දෙනා අතරට ඇතුළත්  වී තිබේ. ආසියානු කලාපයේ රටවල් අතර, නිර්මාණාත්මක භාණ්ඩ විශාලතම අපනයනය කරන්නාවන්නේ චීනයයි. කලාපය තුළ ඉහළම අපනයනකරුවන් 5දෙනාවූයේ චීනය, හොංකොං, ඉන්දියාව, තුර්කිය සහ දකුණු කොරියාවයි.

නිර්මාණාත්මක කර්මාන්තවල ජාත්‍යන්තර වෙළඳාමේ දී සංවර්ධනය වෙමින් පවතින රටවල් වඩ වඩාත් වැදගත් කාර්යභාරයක් ඉටුකරන බව පෙනේ.

නිර්මාණාත්මක ආර්ථිකය බොහෝ රටවල ආර්ථික වර්ධනය හා සේවා නියුක්තියේ වර්ධනයට රුකුල් දෙන එන්ජිමකි. වෙ​ෙළඳ ප්‍රචාරණය, විකාශනය, ගෘහනිර්මාණ ශිල්පය, කලා, අත්කම්, සැලසුම්, විලාසිතා, ගැස්ට්‍රොනොමි, සංගීතය, ප්‍රකාශන, නාට්‍ය හා තාක්‍ෂණය වැනි අංශවලට එය විහිදේ ඇත. මේවා ව්‍යවසායකත්වයේ සහ නවෝත්පාදනයේ ප්‍රධාන බලවේගයක් බවට පත්වෙමින් සමාජ සංවර්ධනය හා සේවා නියුක්තිය ඉහළ නැංවීමට උපකාරීවී තිබේ. කෘෂිකර්මාන්තයෙන් හා නිෂ්පාදන ආර්ථිකයන් වර්ධනය වෙත්ම බොහෝ දෙනෙක් නිර්මාණාත්මක හා කලාත්මක ක්‍රියාකාරකම්වල නව පොකුරු ගොඩනඟමින් සිටිති. මේවා අතීතයේ දී සලකනු ලැබුවේ ආර්ථික ක්‍රියාකාරකම්වල ශාඛා ලෙස ය. අනෙක් අතට වැඩ කරන ආකාරවලට වඩා විවේක මාධ්‍යයන් ය.ඒවා සැලකිය යුතු හා ලාභදායී කර්මාන්ත පමණක් නොව හොඳින් වැටුප් සහිත, තෘප්තිමත් රැකියා සපයන බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. අතීතයේ මේ ප්‍රභවය සඳහා මුල්‍යමය වශයෙන් වටිනාකමක් නොවූවත් විසිඑක්වන සියවසේ දී ඉතා යහපත් ආදායම් උපදවන මාර්ග බවට පත් වී තිබේ.

ලොස් ඇන්ජලීස් හි විනෝදාස්වාද ව්‍යාපාරය නිර්මාණාත්මක කර්මාන්තවන දායකත්වය ඩොලර් බිලියන 504වන අතර මිලියන 40 කට වැඩි පිරිසක් එක්සත් ජනපද නිර්මාණ අංශයේ සේවය කරනු ලබයි. මෙම කර්මාන්තය තුළින් එක්සත් ජනපද ආර්ථිකයට නව රැකියා දිනෙන් දින උත්පාදනය වන අතර මෙමගින් පසුගිය දශකය තුළ නව රැකියා 600,000 ක් පමණ අලු‍තින් එකතු වී තිබේ. නවෝත්පාදන මත පදනම් වූ ආර්ථිකයක් සමඟ එක්සත් රාජධානිය යුරෝපීය සංගමයේ විශාලතම නිර්මාණ අංශයට සහාය දක්වයි. මූලික වශයෙන් සැලසුම්, ප්‍රකාශන සහ විකාශන යන ක්ෂේත්‍රවල 2000 සිට 2018 දක්වා කාලය තුළ ඵලදායිතාව සියයට 60 කට වඩා වැඩි ප්‍රමාණයකින් වර්ධනයක් ළඟා කරගෙන තිබේ. ඒ තුළින් පවුම් බිලියන 19.5 ආදායමක් ළඟා කරගෙන ඇත. ලෝකයේ දළ දේශීය නිෂ්පාදිතය අනුව නිර්මාණාත්මක ආර්ථිකය ලෝකයේ විශාලතම ආදායම් උපදවන වන අංශයක් බවට පත්වී ඇති අතර බ්‍රිතාන්‍ය කවුන්සිලයේ නිර්මාණශීලී නගර වාර්තාවෙන් කියවෙන්නේ එක්සත් රාජධානිය සංස්කෘතික භාණ්ඩ හා සේවා අපනයනය කරන ලෝකයේ වඩාත්ම සාර්ථක අපනයනකරු බවයි.

නිර්මාණාත්මක සේවා යනු නිර්මාණාත්මක කර්මාන්තවල උප අංශයක් වන අතර එය වෙනත් ව්‍යාපාර සඳහා නිර්මාණශීලිත්වය ලබා දීමෙන් ආදායම් නිර්මාණය කරන ආර්ථිකයේ කොටසකි. නිර්මාණාත්මක සේවා යනු ලිවීම, සැලසුම් කිරීම සහ නිෂ්පාදනය වැනි නිර්මාණාත්මක කාර්ය කරන සමාගමක් තුළ ඇති දෙපාර්තමේන්තුවකි. එය බොහෝ විට සමාගමක හෝ ආයතනයක අලෙවිකරණ අංශයේ උප දෙපාර්තමේන්තුවකි. අද ලෝකයේ වෙළෙඳපොළඳපොළ නිර්මාණය වී ඇත්තේ මෙම නිර්මාණාත්මක සේවාවල ආධාරයෙනි. නිර්මාණාත්මක සේවා යටතේ  කළමනාකරණ උපදේශන සේවාවල සිටනාගරික සැලසුම්කරණය, ගෘහනිර්මාණය. වාණිජ කලාව, කාර්මික නිර්මාණය,වෙළඳ නාමකරණය, වෙළඳ දැන්වීම් යන සියලු‍ අංශයන් ඇතුළත්ව තිබේ. කාර්මික හා කෘෂිකාර්මික නිමැවුම් පහත වැටෙන විට නිර්මාණශීලී භාණ්ඩ නිෂ්පාදනයේ සිට නිර්මාණාත්මක සේවා සැපයීම දක්වා  ලෝක වෙළඳාමේ ප්‍රවණතාවේ වෙනස් වීම UNCTAD වාර්තාව මගින් පැහැදිලි කරයි.

මේ වන විට ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ  උද්ගතවී ඇති අර්බුදකාරි තත්ත්වය හමුවේ නිර්මාණාත්මක ආර්ථික  අංශවල දායකත්වය ඉදිරියේදී ඉතා වැදගත් සාධකයක් ලෙස පෙනී යයි. ශ්‍රී ලංකාවේ නිර්මාණාත්මක ආර්ථිකය ස්ථාවර මට්ටමක පවතී. එහි වර්ධනය 2010 සිට 2014 දක්වා ඇමරිකානු ඩොලර් මිලියන 433.62 සිට ඇමරිකානු ඩොලර් මිලියන 845.41 දක්වා ඉහළ මට්ටමකින් වර්ධනය වී තිබේ. දළ දේශීය නිෂ්පාදිතයට වන දායකත්වය සියයට 5.3 කඅගයක් ගනු ලබයි. ලංකාවේ සේවා නියුක්තියට වන දායකත්වය සියයට තුන ඉක්මවා තිබේ.

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය කවුන්සලය කරන ලද සමීක්ෂණයකට අනුව ශ්‍රී ලංකාව තුළ  නිර්මාණාත්මක ආර්ථිකයේ ප්‍රධාන අංශ තුනක් හඳුනාගෙන තිබේ. ඒ අනුව කලාව සහ සංස්කෘතිය, නිර්මාණ, මාධ්‍ය අංශය. කලාව සහ සංස්කෘතිය යටතේ ඡායාරූපකරණය දෘශ්‍ය කලා මාධ්‍ය, රංග කලාව, සාහිත්‍යය කලාව, උරුමය සහ අත්කම් අයත් වේ. නිර්මාණකරණය යටතේ මෘදුකාංග නිර්මාණය, ප්‍රචාරණය සහ වෙළඳ නාමකරණය, නිර්මාණ ශිල්පය, ආලේඛ සැලසුම්, කාර්මික නිර්මාණකරණය, විලාසිතා නිර්මාණය යන අංශ ඇතුළත් වේ. මාධ්‍ය යන අංශ තුළ ප්‍රකාශනය ගුවන්විදුලි සහ රූපවාහිනී මාධ්‍ය ඩිජිටල් මාධ්‍ය චිත්‍රපටි සහ වීඩියෝකරණය යන අංශ ඇතුළත් වේ. තවමත් මෙම ක්ෂේත්‍ර ලංකාවේ සාම්ප්‍රදායික මට්ටමේ පැවතීම තුළින් කියාපාන්නේ ආර්ථිකය තවමත් නවීකරණයකට ලක් නොවීමයි. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත් කල, වර්ෂ2005-14 කාල පරිච්ඡේදය තුළදී නිර්මාණාත්මක වෙළඳාමේ සෘණ සමතුලිතතාවක් දක්නට ලැබුණි. අපනයන වලට වඩා ඉහළ ආනයන හේතුවෙන් මෙම සෘණ සමතුලිතතාවයක් ඇතිවී ඇත. කලාපයේ අනෙකුත් රටවල් වන ඉන්දියාව, පාකිස්තානය, තායිලන්තය, මැලේසියාව ධනාත්මක වෙළෙඳ ශේෂයක් ලබාගෙන තිබේ.

ලෝක වෙළඳපොළ තුළ ලංකාවේ සාම්ප්‍රදායික කර්මාන්ත පෞරාණික භාණ්ඩ සම්බන්ධයෙන් හොඳ වෙළෙඳ පොළක් ඇති බව දක්නට ලැබේ. එහෙත් මෙය   හඳුනාගෙන ඒ සඳහා ඉල්ලු‍ම්ට සරිලන සැපයුමක් ලබාදීමට තවමත් අපට නොහැකි වී තිබීම කනගාටුවට කරුණකි. එමෙන්ම ශ්‍රී ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පය සම්බන්ධයෙන් ඓතිහාසික කීර්තියක් හිමි වී තිබේ.

උදාහරණයක් ලෙස ජෆ්‍රි බාවා, බෙවිස් බාවා යන සුප්‍රසිද්ධ ගෘහනිර්මාණ ශිල්පීන්ගේ නිර්මාණ ලංකාව තුළ මෙන්ම ජාත්‍යන්තරයේ ද කීර්තියක් ලබා තිබේ. එකල ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පය ජාත්‍යන්තරයට ගෙන ගියේ ඔවුන්ය. හෝටල් නිර්මාණයේදී ලෝකයේ  නව ප්‍රවණතාවක් වන්නේ සාම්ප්‍රදායික ගෘහ නිර්මාණ ශිල්පය ආදේශ කර ගැනීම්යි. ඒ අනුව ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පීන්ට හොඳ වෙළෙඳ පොළක් ඉදිරියේදී නිර්මාණය වනු ඇත.

ලංකාවේ පේෂ කර්මාන්තයට අතීතයේ ද දේශීය වෙළෙඳ පොළක් නිර්මාණය වී තිබිණි. එහෙත් ක්‍රමයෙන් එම වෙළෙඳපොළ විදේශීය ඇඟලු‍ම් හා යෙදවුම් ආනයනය හේතුවෙන් කඩාවැටීමට ලක්වී තිබිණි. එහෙත් මෑතකාලීනව දේශීය හා විදේශීය වශයෙන් ලංකාවේ පේෂ කර්මාන්ත නිෂ්පාදන යන්නට හොඳ ඉල්ලු‍මක් ඇති වෙමින් පවතී. ගෘහ කර්මාන්තයක් වශයෙන් ගොඩනැගී ඇති පේෂකර්මාන්තය කර්මාන්තකරුවන් ඒකරාශී  ගනිමින් ඔවුන්ගේ නිපැයුම් සඳහා වෙළඳපොළක් නිර්මාණය  කිරීම් සඳහා විවිධ ආයතන විවිධ  සංවිධාන  වැඩසටහන්  ක්‍රියාත්මක කරන බවක් පෙනේ. එහි ප්‍රතිඵලයක් ලෙස මේ වන විට දේශීය වෙළෙඳ පොළක් නිර්මාණය වෙමින් පවතී. මෙම කර්මාන්තය නවීන මෝස්තර නිර්මාණය සහ බැඳුණු කර්මාන්තයක් වන වන බැවින් ඒ තුළින් විදේශීය වෙළෙඳ පොළක් නිර්මාණයය කර ගැනීමට හැකියාව තිබේ. ලංකාවේ නිර්මාණය කරනු ලබන හෑන්ඩ්ලු‍ම් සාරි සහඅනෙකුත් නිෂ්පාදන සඳහා විදේශීය වෙළෙඳපොළ විවෘතව පවතී. සිදුවිය යුත්තේ මෙම කර්මාන්ත කර්මාන්තකරුවන් සඳහා වෙළෙඳපොළ සොයාගැනීම සඳහා ආධාර උපකාර සහ දැනුම් ලබාදීමයි.

පුරෝගාමී ව්‍යවසායිකාවක් වූ ලින්ඩා ස්පෙල්ඩ්වින්ඩේ 2009 වර්ෂයේදී එක්සත් රාජධානියේ තරුණ නිර්මාණශීලී ව්‍යවසායක සම්මානය දිනාගත්තාය. එක්සත් රාජධානියේ නිර්මාණාත්මක කර්මාන්තයේ දැනුම හා සැලසුම් චින්තනය ශ්‍රී ලංකාවට ගෙන ඒමට ඇය මග පෙන්වනු ලැබිණි. මෝස්තර නිර්මාණකරණයේ පිපාසයෙන් පෙළුණු ඇය ශ්‍රී ලංකා විලාසිතා කර්මාන්තය ලෝකය තුළ ස්ථාපිත කිරීම්ට දායක වූවාය. මේ සඳහා කර්මාන්තයේ දැවැන්තයන්ගේ සහාය නොඅඩුව ලැබී තිබිණි.

නිර්මාණාත්මක ආර්ථිකයත් සමඟ නිර්මාණාත්මක නගර බිහි කර ගැනීමට හැකි වේ නම් එය අලු‍ත් ආර්ථික අංශයක් ලෙස ගොඩනැඟිය හැකිවේ. ඒ සඳහා නගරාශ්‍රිතව ක්‍රියාකාරකම් පුළුල්ව සංවර්ධනය කළ යුතුය. විශේෂයෙන්  කොළඹ, ගාල්ල, මාතර නගර මූලික කරගත් කරගනිමින් නියමු ව්‍යාපෘතියක් වශයෙන් නිර්මාණාත්මක නගර නිර්මාණය කළ හැකිය. උදාහරණයක් ලෙස නිව්​ෙ‌යා්ර්ක් සඳහා වසරකට සංචාරකයන් මිලියන 50ක් පමණ සංචාරය කරනු ලබයි.විදේශිකයින් නිව්​ෙ‌යා්ර්ක් නගරය හඳුන්වනු ලබන්නේ “big apple” හෝ "the city that never sleep’’ නොනිදන නගරයක් ලෙසයි. ටයිම්ස් චතුරශ්‍රය, එම්පයර් ස්ටේට් ගොඩනැගිල්ල, සෙන්ට්‍රල් පාර්ක්, යන ඓතිහාසික ස්ථාන මෙන්ම සංචාරකයන් සඳහා විනෝදාස්වාදය ලබා ගත හැකි අංගයන් විශාල ප්‍රමාණයක් දක්නට හැක. ජාත්‍යන්තර සිනමා ශාලා, නාට්‍ය ශාලා නවීන තාක්ෂණයෙන් යුතුව දැකුම්කළු ලෙස ජනතාවට විනෝදාස්වාදය ලබා දෙයි. ඉදිරියේදී ඉදිවෙමින් පවතින කොළඹ වරාය නගරය තුළින් මෙවැනි ජාත්‍යන්තර සිනමා සහ නර්තන ශාලා ගොඩනැගීම තුළින් අලු‍ත් ආර්ථික අවස්ථා උදා කර ගත හැකිය. අනෙක් අතට නව වරාය නගරය හා පැරණි කොළඹ නගරය යා කරමින් සංචාරක ආකර්ෂණීය ස්ථාන ගොඩනැගීම තුළින් සංචාරකයින්ට ආකර්ෂණීය නගරයක් බවට කොළඹ නගරය පරිවර්තනය කළ හැකිය. මේ සඳහා අපට පුළුල් දැක්මක් සහ ක්‍රමෝපායක් තිබිය යුතුය.

කලාපයේ අනෙකුත් රටවල් සමඟ සැසඳීමේදී ‍ශ්‍රී ලංකාවේ මෘදුකාංග නිෂ්පාදකයන්ට ඇත්තේ හොඳ වෙළෙඳ පොළකි.ලෝකයේ ප්‍රධාන මෘදුකාංග සංවර්ධන සමාගම්වලවල උප කොන්ත්‍රාත් සමාගම් බොහොමයක් ස්ථාපනය කර ඇත්තේ ශ්‍රී ලංකාවේය.ප්‍රධාන වශයෙන් මෘදුකාංග සහ අදාළ සේවා ලන්ඩන්, නිව්​ෙ‌යා්ර්ක්, සැන් ෆ්රැන්සිස්කෝ සහ සිඞ්නි සේවාදායකයින් සඳහා මෘදුකාංග සංවර්ධනය කරනු ලබයි. 2018 දී තොරතුරු තාක්ෂණ අංශයේ අපනයනය ආදායම ඇමරිකානු ඩොලර් බිලියනයකි. 2022වර්ෂය වන විට එහි ආදායම් ඉලක්කය ඇමරිකානු ඩොලර් බිලියන 5 ක් ලෙස පුරෝකථනය කර ඇත. ඒ අනුව ඉදිරියේදී නිර්මාණාත්මක මෘදුකාංග සංවර්ධනය තුළින් එම ක්ෂේත්‍රයේ පුළුල් පරිවර්තනයක් ඇති කිරීමට මගින් විශාල ආදායම් ප්‍රමාණයක් රටට ලබාග ගත හැකිවේ. ඒ සඳහා විදේශීය සමාගම් සමඟ අනුබද්ධිතව නව සොයා ගැනීම් තුළින් මෙම ක්ෂේත්‍රය තවදුරටත් පුළුල් කළ හැකිය.