වයඹ නවකවධ සිද්ධියේ තිරෙන් පිටුපස


(තරිඳු ජයවර්ධන) 

(වීඩියෝ දිනේෂ් උපදේන්ද්‍ර)

විශ්ව විද්‍යාල තුල අමානුෂික නවක වදය සම්බන්ධයෙන් ලංකාදීප එසැණෙන් අවස්ථා කිහිපයකදීම අනාවරණය  කර තිබේ. මෑතම සිද්ධිය වයඹ විශ්ව විද්‍යාලයේ නවක වධ සිද්ධියයි. ඒ සම්බන්ධයෙන් සිසුහු 14 දෙනෙක් අධිකරණයට ඊයේ ඉදිරිපත් කරනු ලැබූහ. ඒ සිද්ධියෙන් සති තුනකට පමණ පසුවය. ඔවුන් සියලූ දෙනාම රිමාන්ඞ් භාරයට පත්කරන ලදි. 

වයඹ සරසවියේ තාක්ෂණ පීඨයේ පළමු වසර සඳහා ලියාපදිංචිය සිදුවූයේ දෙසැම්බර් 16 වැනි දා ය. ඉන් දින කිහිපයකට පසු දේශන ආරම්භ විය. සුපුරුදු පරිදි එම සරසවියේ දී ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසකගෙන් නවකයන්ට නියෝගයක් ලැබිණි. ඒ සිසුන්ට කැමති සහ පහසු ඇඳුමකින් දේශන සහභාගී වීම වෙනුවට ජ්‍යෙෂ්ඨ සිසුන් නියම කරන නිල ඇඳුමෙන්  සැරසී දේශනවලට සහභාගී වන ලෙසයි. 

ජ්‍යෙෂ්ඨ සිසුන්ගේ නියමය වූයේ සිසුන් සෙරෙප්පු වෙනුවට සපත්තු පැළඳිය යුතු බවයි. ඇඳිය යුතු කලිසම කලූ පැහැ විය යුතුය. අත් කොට කමිසය කලිසමට යට කර ඇඳිය යුතු වූ අතර ඉන පටියක් (බෙල්ට්) පැළඳීමෙන් වැලකිය යුතුය. 

දුර බැහැර ප‍්‍රදේශවලින් පැමිණි අඟ හිඟකම් එමට ඇති සිසුහු රැසක් වයඹ සරසවියේ සිටිති. ජ්‍යෙෂ්ඨයන්ගේ නිල ඇඳුම මෙම නවක සිසුන්ට හිසරදයක් විය. නමුත් කරන්නට කිසිත් නැත. ඒ ඔවුන්ට කිසිම බලයක් නොතිබුණු බැවිනි. දිනෙන් දිනට ඇඳුමද වෙනස් ස්වරූපයක් ගත්තේය. පහතින් තිබෙන්නේ ජ්‍යෙෂ්ඨයන්ගේ නියෝගයයි.


ජ්‍යෙෂ්ඨ සිසුන්ට බියෙන් ඔවුන් කී අන්දමට නිල ඇඳුම ඇඳගෙන දේශන සඳහා සහභාගී වීමට සිසුහු පිරිසක් තීරණය කළහ. 

තවත් සිසුහු පිරිසක් එම තීරණයට එරෙහිව යමින් සාමාන්‍ය ඇඳුමින් සැරසී දේශන සඳහා සහභාගී වීමට තීරණය කළහ. එම පිරිසට සිසුහු 30ක් පමණ අයත් වූහ. වයඹ සරසවිය පිහිටි කුලියාපිටිය ප‍්‍රදේශයේම පදිංචි සිසුවකු ද මෙම පිරිස අතර සිටීම ඔවුන්ට පහසුවක් විය. ඔහු නමින් නවීන් සිතාර පේ‍්‍රමරත්නය. නවීන්ගේ කුඩා කල සිටම මිතුරා එම සරසවියේම දෙවැනි වසරේ ඉගෙනුම ලබමින් සිටියේය. එම මිතුරා පසුගිය පළාත් පාලන ඡුන්දයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ ඉදිරිපත් වූ අපේක්ෂකයෙක් වූයේය. 

සිතාර සහ තවත් සිසුන් කිහිප දෙනෙක් එක්ව දෙසැම්බර් 25 වැනි දා නවක වධයට එරෙහි සිසුන් පිරිසට නවක වධයේ තිරශ්චීන බව සහ එහි පසුගාමී බව සම්බන්ධයෙන් දේශනයක් සංවිධානය කළහ. දේශනය පැවැත්වූයේ උපකාරක පන්ති ගුරුවරයෙකි. එහිදී දේශපාලනික කාරණා සාකච්ඡුා නොවූ අතර නවක වධය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡුාවට බඳුන් විය.

එම දේශනයෙන් පසු 26 වැනි දා මෙම සිසුහු පිරිස සාමාන්‍ය ඇඳුමෙන් සැරසී විශ්ව විද්‍යාලයේ දේශන සඳහා සහභාගී වූහ. ඒ සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් සිටියේ නොසතුටිනි. සිතාර නම් සිසුවා ප‍්‍රදේශයේම පදිංචිකරුවකු- නිසා ඔහු සරසවියට පැමිණ තිබුණේ මෝටර් රථයකිනි. එදින රාත‍්‍රී හතත් අටත් අතර කාලයේ දී තවත් සිසුන් තිදෙනකු සමඟ සිතාර මෝටර් රථයෙන් රාත‍්‍රී ආහාරය සඳහා යමින් සිටියේය. 

ඔවුන්ට වැඩි දුරක් යන්නට නොහැකි විය. ජ්‍යෙෂ්ඨ සිසු පිරිසක් ඔවුන්ගේ මඟ හරස් කළහ. ඒ සමඟම සිතාර තම ජංගම දුරකතනයේ වීඩියෝ පටිගත කිරීමේ අයිතමය ක‍්‍රියාත්මක කළේය. ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිස සිතාරට සහ ඔහු සමඟ සිටි අනිත් දෙදෙනාට ද පහර දුන්හ. වාහනයට ද අලාභ හානි සිදු කළහ. ඔහු රෝහල් ගතව සිටිය දී තමා මුහුණ දුන් සිද්ධිය සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්වීය.

‘‘අපි හතර දෙනෙක් කෑම කන්න කැම්පස් එක ඉස්සරහට යන්න ගියේ. ඊට පස්සේ කොල්ලො 100ක් විතර ඇවිත් වාහනය වට කර ගත්තා. කැම්පස් එක ඉස්සරහා ගේට්ටුව ගාවමයි සිද්ධිය වුණේ.  ‘තොපි කොහොමද නවක වදය නවත්වන්නේ? මෙච්චර කාලයක් තිබ්බ එක නවත්වන්න උඹලට පුලූවන්ද? කුලියාපිටියේ කියලා උඹලට රඟන්න දෙන්න බෑ. උඹලා මේකේ ඇතුළේ ඉන්න  ඕන.  අද එකෙක්වත් තියන්නේ නෑ’ කියලා වාහනේට ගැහුවා. ඔවුන් පොලූ අරගෙනයි ආවේ. මම ෆෝන් එකේ ෆ්ලෑෂ් ඔන් කරලා වීඩියෝ කරන්න ගත්තා. ඒ එක්කම වාහනේ පිටිපස්සට පොලූ පාරක් වැදුනා. ඉන් පස්සේ මම වාහනයේ දොර ඇරගෙන බැස්සා. 

ඉන් පස්සේ සභාපති කෙනෙක් ඇවිත් ෆෝන් එක උදුර ගන්න උත්සාහ කළා. මම බොහොම අමාරුවෙන් ෆෝන් එක සාක්කුවට දාගත්තා. ඒ එක්කම කට්ටිය වට වෙලා මට ගහන්න පටන් ගත්තා. මුලින්ම ගහන්න පටන් ගත්තේ සභාපති. මම බේරිලා දුවද්දි කවුරු හරි කෙනෙක් ගඩොලකින් ගැහුවා. ගඩලො වැදුණම මාව වැටුණා. ඒත් කට්ටිය ඇවිත් ගැහුවා. දෙන්නෙක් තුන්දෙනෙක් කිව්වා මූව මැරෙයි කියලා. ඉන් පස්සේ මාව බිම දිගේ ටික දුරක් ඇදගෙන ගියා. ඇදගෙන ගිහින් ටයිල් පොලවක තිබ්බා. එතැනදිත් සමහරු ගැහුවා. එක්කෙනෙක් ඇවිත් මූනේ වත-ුර ගෑවා. ඊට පස්සේ ආයෙත් බනින්න ගත්තා. අටයි හතලිස් පහ විතර වෙනකං මම එතන හිටියේ. එයාලා මගේ ෆෝන් එකත් ගත්තා. ඉන් පස්සේ තාත්තා ඇවිත් තමයි මාව එක්කං ගියේ. ඒ කවුරුත් මාව පෞද්ගලිකව අ`දුරන්නේ නෑ. කොන්ඩ කොටට කපලා, රැුවුල කපලා එන්න කියලා තිබ්බේ. නමුත් ඔවුන් ගිය විදියටම අපිත් ගියා. නවක වදයට විරුද්ධ නිසා තමයි පහරකෑමට ලක්වුණේ. ’’

ඔහු සමඟ සිටි අනිත් සිසුන් දෙදෙනාට පහරකෑමට ලක්ව සිටි අතර ඔවුන් ද රෝහල් ගත කරනු ලැබ තිබිණි.
මෙම සිදුවීමෙන් පසු අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ වයඹ සරසවියේ ශිෂ්‍ය සංගමය මෙය හුදු සිසුන් දෙපිරිසක් අතර ගැටුමක් යැයි කියමින් පටු කිරීමට උත්සාහ කළේය. එමෙන්ම පහරකෑමට ලක්වූ සිසුවාගේ මිතුරා පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලූ කෙනෙකු බව ද කීවේය. පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලූවකුගේ මිතුරකු වීම පහරකෑමට සුදුසුකමක් යැයි ඇතැම් විට එම සංගම්වල ඇතැම් නියෝජිතයන් සිතනවා විය හැකිය. 

මේ සම්බන්ධයෙන් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මහීල් බණ්ඩාර මහතා මෙසේ පැවසීය.

‘‘ප‍්‍රාදේශීය දේශපාලනඥයන්ගේ න්‍යායපත‍්‍ර විශ්ව විද්‍යාල තුළ ක‍්‍රියාත්මක කිරීම නිසා විශ්ව විද්‍යාල තුළ කල්ලි කණ්ඩායම් බිහිකරීමට මැදිහත් වෙලා තිබ්බා. එසේ මැදිහත් වූ කල්ලි කණ්ඩායම් සමඟ සිදුවෙච්ච ආරවුලක් මූලික කරගනිමින් සිසුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒවා නවක වධය ලෙස හුවා දක්වන උවමනාවක් මේ වෙද්දි තිබෙනවා. නමුත් මෙය නවකවධ සිද්ධියක් නෙමෙයි. මෙය දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක්. 

කුලියාපිටිය ප‍්‍රදේශයේම ප‍්‍රාදේශීය දේශපාලනඥයන්ගේ මැදිහත් වීමක් තිබ්බා. ඒවගේ සිද්ධියක් උඩ තමයි මේ සිද්ධිය ඇති වෙන්නේ. සිසුන්ගේ සමඟිය බි`ද දමලා ඔවුන්ගේ දේශපාලන න්‍යාය පත‍්‍ර ක‍්‍රියාත්මක කරන කල්ලි කණ්ඩායම් බිහි කිරීමයි ඔවුන්ගේ අරමුණ. විශ්ව විද්‍යාල තුළ දේශපාලනය කිරීම සම්බන්ධයෙන් අපට ප‍්‍රශ්නයක් නෑ. විශ්වවිද්‍යාල තුළ දේශපාලනය කිරීමේ පූර්ණ නිදහසක් අපි තහවුරු කරනවා. නවක වධය ආරක්ෂා කරන, නවක වධය වෙනුවෙන් පෙනී සිටින අය වගේම මේ කියන දේශපාලන කල්ලි කණ්ඩායම් නිර්මාණය කිරීමට මැදිහත් වෙන  ඕනෑම කණ්ඩායමක් ආරක්ෂා කරන්න අපි මැදිහත් වෙන්නේ නෑ. අසාධාරණ ලෙස සිරගත කර තිබෙන අපේ සහෝදරවරුන් හැකි ඉක්මනින් නිදහස් කළ යුතුයි. නැතිනම් අසාධාරණයට එරෙහිව අරගල කරන්න අපටත් සිද්ධ වෙනවා.’’ 

මුල් සිද්ධියෙන් පසු අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මාධ්‍ය සාකච්ඡුාවක් පවත්වා ඡුායාරූප දෙකක් පෙන්වීය. එහි සිටියේ පහරකෑමට ලක්වූ නවීන් සිතාර පේ‍්‍රමරත්නය. එක් ඡායාරූපයක ඔහු සිටියේ ඔහුගේ පාසල් කාලයේ මිතුරකු වූ එම විශ්ව විද්‍යාලයේම දෙවැනි වසර ශිෂ්‍ය චමත් අර්ථනායක නම් තරුණයා සමඟය. අනිත් ඡුායාරූපයේ සිටියේ තවත් කණ්ඩායමක් සමඟය. එම ඡුායාරූපය පෙන්වමින් අන්තරය කීවේ පහරකෑමට ලක්වූ නවීන් සමඟ කුලියාපිටිය නගර සභාවේ හිටපු නගරාධිපතිවරයා සිටින බවයි.  කෙසේ වෙතත් නවීන්ගේ මිතුරා චමත් එම චෝදනා සියල්ල ප‍්‍රතික්ෂේප කරයි. 

‘‘මෙතන ප‍්‍රාදේශීය දේශපාලනය තිබෙනවා කියන්නේ කුලියාපිටිය නගර සභාව සම්බන්ධයෙන් විය යුතුයි. හැබැයි කුලියාපිටිය නගර සභා බල ප‍්‍රදේශයේ සිසුන් මෙතන නෑ. ඔවුන් දේශපාලන චෝදනාව කරන්නේ මගේ ෆේස්බුක් එකේ තිබුණු ඡුායාරූපයක් උපුටා ගනිමින්. එම ඡුායාරූපය මගේ නිවසේ ගත්තු එකක්. එහි කුලියාපිටිය හිටපු නගරාධිපති තියා නාගරික මන්ත‍්‍රීවරයකුවත් නෑ. 

අන්තරය හැමදාම කරන්නේ බොරු කියලා මොකක්හරි පටලවලා නවක වධ සිද්ධි යටපත් කරන එක. මෙම සිද්ධියට අත්අඩංගුවට ගත් සිසුවකු අන්තරේ හිටපු කැ`දවුම්කරු සමඟ මාධ්‍ය සාකච්ඡුාවක් පවත්වන වීඩියෝවක් අපි ළඟ තිබෙනවා. නවක වධ සිද්ධියට සම්පූර්ණයෙන් අන්තරය වග කියන්න  ඕනෑ. ඔවුන් දේශපාලනය කරන්නේ නවක සිසුන් නවක වධයෙන් බය කරගෙන. 

පහර කෑමට ලක්වූ නවීන් මේ ජ්‍යෙෂ්ඨයන් අඳුරන්නේ නෑ. මේ පහර කෑම වුණේ ඔහු නවකයකු ලෙස විශ්ව විද්‍යාලයට ඇතුළත් වී දවස් 10ක් යන්නත් පෙරයි. නවකයකු වෙච්ච නවීන්ට කායිකව මෙන්ම මානසිකවත් උපරිම ලෙස ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිස පීඩාවට පත් කරලා තියෙනවා. ඉතින් මේකට නෙමෙයි නම් වෙන මොකේටද නවක වධය කියන්නේ? අපේ වසරේ සිසුන් 40ක් විතර නවක වධය නිසා විශ්ව විද්‍යාලය දාලා ගියා. මමත් පොලිසියට පැමිණිලි කරලා තියෙනවා.

දෙපිරිසක් අතර ගැටුමක් කියලා ඔවුන් කිව්වට දෙපිරිසක් අතර ගැටුමක් නෑ. එක පිරිසක් තව දෙතුන් දෙනකුට පහරදීම වුණේ.

අපි නිකමට හිතමු පහර කෑ සිසුන් දේශපාලනය කරනවා කියලා. අතින් දේශපාලන කිරීම පහරකෑමට හේතුවක්ද? අන්තරේ දේශපාලනයට පිටින් වෙනත් දේශපාලන අදහසක් දරන්න අයිතියක් නැද්ද?’’ යැයි චමත් කීවේය. 

විශ්ව විද්‍යාල ශිෂ්‍ය මර්දනය කවුරුන් කළත් ඊට ඉඩ දිය යුතු නැත. නමුත් නවක වධයට ද ඉඩ දිය යුතු නැත. නවක වධය ලබාදීමෙන් පසු ඉන් එම චෝදනාවෙන් බේරීමට ‘ශිෂ්‍ය මර්දනය’ නම් සටන් පාඨය තවදුරටත් ඉදිරියට ගෙන ආ යුතු නැත. එමගින් සත්‍ය ලෙසම රජයන්ගෙන් සිදු කරන ශිෂ්‍ය මර්දනය ද සාමාන්‍යකරණය වනු ඇත.