(සේවාර්ජිත මහාචාර්ය - අශෝක එන්.අයි. ඒකනායක)
වෛද්‍යවරුන්ගේ වැඩවර්ජනය හා වෘත්තිකයන් හෝ කම්කරුවන් හෝ නොවන්නා වූත්, ජනතාවගේ බදු මුදලින් යැපෙන්නා වූත්, සිසුන්ගේ, හාස්‍යජනක පන්ති වර්ජන, පවත්නා නීතිය යටතේ හෝ නව නීති හඳුන්වා දීම තුළින් හෝ මුලිනුපුටා දැමීමට දැඩි ක‍්‍රියාදාමයකින් හෝ රජය අපොහොසත් වීම මුළු මහත් සමාජයම අධෛර්යමත් කරවන්නකි.
දැනටමත් ප‍්‍රමාද වී ඇති නමුදු මෙම සමාජ පිළිලය තුරන් කිරීමට තීරණාත්මක විසඳුමක් ගෙන ඒමට වහාම පියවරක් ගන්නා ලෙස ඉල්ලා සිටීම, මෙම ලිපියෙහි අරමුණයි. එවන් ක‍්‍රියාවක් සදාචාර සම්පන්න වනවා පමණක් නොව, පැවැති සෑම රජයක් විසින්ම වරප‍්‍රසාද පිට වරප‍්‍රසාද ලබා දී සුරතල් කරන්නා වූ වෛද්‍යවරුන් ගැන නොව, අහිංසක පීඩිත ජනතාවට සේවය සැපයීමට රජය උනන්දු බව දැක්වීම හේතුකොට ඊට ප‍්‍රබල මහජන මතයක් ද ගොඩනැෙඟනු ඇත.
‘‘සයිටම්’’ නම් එදිනෙදා ජන ජීවිතයට නොවැදගත් කරුණක් කෙරෙහි අසාමාන්‍ය හා නොහොබිනා අන්දමින් දේශපාලන, වෘත්තීය හා මාධ්‍ය අවධානය යොමු කිරීම වෙනුවට, අද දවසෙහි දැවැන්තම ඛේදවාචකය වූත් අපවාදයට පාත‍්‍ර වූත් වෛද්‍යවරුන්ගේ හා වෛද්‍ය ශිෂ්‍යයන්ගේ ක‍්‍රියාකලාපය පොදුජන අවධානයට ලක්විය යුතු ප‍්‍රධාන කාරණා නොවන්නේ ද? ‘‘සයිටම්’’ යනුවෙන් හැඳින්වෙන්නේ කුමක් ද? එහි කුප‍්‍රසිද්ධ ආරම්භය හා එහි ඉතිහාසය පිළිබඳ හෝ අබමල් රේණුවක වුව හැඟීමෙන් තොර වූ, දශලක්ෂ සංඛ්‍යාත පොදුජනයා තමන්ගේ එදිනෙදා ජීවිතයේ අරගලය ගැන විනා, පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාගුණ පිළිබඳ මතවාදවල පැටලීම හෝ, සුදනන් සේ පෙනී සිටිමින් වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ගැන පාරම්බාන අයවලූන්ගේ දෙබිඩි ප‍්‍රතිත්ති ගැන හෝ තැකීමක් නොකරති. එලෙසම තමන්ටම ආවේණික වූ සිතිවිලි විදහාලමින් රඟපෑමක යෙදෙන වයෝවෘද්ධ අයගේ නායකත්වයෙන් යුත්, අතිශයින් සාමාන්‍ය බුද්ධි මට්ටමින් යුත් මන්දෝත්සාහී පිරිසකගෙන් සෑදුම්ලත් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙහි ඉලක්කයක් නොමැති, තොරතෝංචියක් නැති කතාබහ ගැන ද පොදු ජනතාව උනන්දුවක් නොදක්වති. අතිබහුතරය වන පොදු ජනතාවට එවැනි දේවලින් ඇති ඵලක් නැත.
අනෙක් අතට ජනතාවට අත්‍යවශ්‍යයෙන් වැදගත්ම වනුයේ තමන්ට ලෙඩක් දුකක් පැමිණි විට, නොයෙක් දුක් ගැහැට විඳ, තමාගේ දෛනික වැටුප පවා අහිමිකරගෙන ප‍්‍රතිකාර සඳහා රෝහලකට ගිය කල්හි, රජයේ වෛද්‍ය නිලධාරී සංගමය යන කුරිරු වෘත්තීය සංගමයේ නියෝගයට වහලූන් මෙන් අවනත වී කරන්නා වූ වර්ජනයක හේතුවෙන් ප‍්‍රතිකාර නොලබා ආපසු හැරී යන තත්ත්වයකට ප‍්‍රතිකාර නොලැබ තම අසීරු තත්ත්වය තවදුරටත් විඳවන තත්ත්වයට පත් නොවීමයි. එසේම පොදු ජනතාවට ඊළඟ වැදගත් කරුණ වනුයේ බොහෝ දුක් විඳ එදා වේල පිරිමසා ගත්ත ද ඍජුව හෝ වක‍්‍රව පරිත්‍යාග කරන්නා වූ බදු මුදලින් අතිබහුතර පොදු ජනයා, වෛද්‍ය ශිෂ්‍යයන්ගේ නිදහස් අධ්‍යාපනය පෝෂණය කරන අතර, ඔවුන්ගේ එම පරිත්‍යාගයේ අර්ථලාභීන් හැටියට දැඩි අවධානයෙන් හා උනන්දුවෙන්, ජනතාවගේ මුදල් අපතේ යා නොදී, හැකි ඉක්මනින් අධ්‍යාපන කටයුතු සාර්ථකව නිමකොට, උපාධිය සමඟින් ජනතා සෞඛ්‍ය සේවයට පිවිසෙනු ඇතැයි යන අහිංසක පැතුමයි. එක් වෛද්‍යවරයකුගේ අධ්‍යාපනය සඳහා පොදු ජනයාගේ මුදල් ලක්ෂ 45ක් පමණ වැය වේ යයි ගැනේ. එම නිසා මහජන ධන පරිත්‍යාගයේ භාග්‍ය සම්පන්න අර්ථලාභීන් වන වෛද්‍ය ශිෂ්‍යයන්, මාස 8ක් තිස්සේ තම දේශන ශාලා හා පුහුණු රෝහල් වාට්ටුවලින් ඉවත් වී ඔවුන් කලහකාරී ලෙස ප‍්‍රචණ්ඩව සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩාවදින, මාර්ග අවහිර කරමින්, අශික්ෂිතව ජන ජීවිතය කඩා බිඳ දමන අයුරින් ප‍්‍රචණ්ඩව හැසිරෙන අවස්ථා හැරුණු විට, මඟ දෙපස අටවාගත් අශෝභන අට්ටාලවල, ජාතියේ අනාගත වෛද්‍යවරුන්, වීදි දරුවන් සේ ලගිමින් වටිනා කාලය අපතේ හැරීම සම්බන්ධයෙන් පොදු ජනතාව අතිබහුතරය දැඩි කෝපයෙන් හා පිළිකුලෙන් පසුවීම පුදුමයක් නොවේ.
‘‘සයිටම්’’ ආයතනය සම්බන්ධයෙන් යම් මතයක් දැරීමට සැමට අයිතියක් තිබේ. ඒවා සාකච්ඡුාකොට නිරාකරණය කර ගැනීම සඳහා රාජ්‍ය ආයතන ඇත. එහෙත් කුමන හේතුවක් නිසා හෝ රෝගීන්ට ප‍්‍රතිකාර නොකර සිටීම වැනි මහා පරිමාණයේ දුරාචාර ඊට ඈඳාගත යුතු නොවේ. එසේම නිදහස් අධ්‍යාපනයේ වරප‍්‍රසාද භුක්ති විඳින ශිෂ්‍යයන් කුමන හේතුවක් නිසා හෝ පන්ති වර්ජනය කිරීමේ නිර්ලජ්ජිත ක‍්‍රියා බැහැර කළ යුතුය. ‘‘සයිටම්’’ ප‍්‍රශ්නය පසෙක තිබියදී ප‍්‍රතිපත්තිමය වශයෙන් රජයේ කැපවීම හා ප‍්‍රබල මැදිහත්වීම් දැඩි ලෙස අවශ්‍යවනුයේ මෙවැනි ගැටලූවලටය. මොනම හේතුවක් නිසා හෝ රෝගියකුට ප‍්‍රතිකාර නොකර සිටීමට අයිතියක් නැත. එය මූලික වෛද්‍ය ආචාර ධර්ම හා සමාජ සදාචාරය බරපතළ ලෙස උල්ලංඝනය කිරීමකි. එසේම වෛද්‍ය ශිෂ්‍යයන් කුමන හේතුවක් නිසා හෝ පන්ති වර්ජනය කිරීම නිදහස් අධ්‍යාපන වරප‍්‍රසාදවල දැඩි අපචාරයක් වන අතර, එය කිසිසේත් සාධාරණීකරණය කළ නොහැක.
කුමන අන්දමේ බලපෑමක් එල්ල වුව ද රෝගියකුට ප‍්‍රතිකාර අහිමි කිරීම කිසිසේත් කළ නොහැකිය. රැුකවලූන්ගෙන් මිදී පලා යන දරුණු අපරාධකරුවකු වුව ද ලේ ගලන තුවාලයක් ඇතිව පැමිණියහොත්, පසුව තමන් පත්විය හැකි අසීරු තත්ත්වයන් ගැන නොතකා, ඊට ප‍්‍රතිකාර කිරීමට තම වෘත්තීය චර්යා පද්ධතිය තුළින් වෛද්‍යවරයා බැඳී සිටියි. තමන්ට හිමි වැටුප හෝ දීමනාව නොලැබුණ ද ප‍්‍රතිකාර අහිමි කළ නොහැක. වෛද්‍ය වෘත්තියට ඇතුළු වන සැමදෙනාම මෙහෙයවන, අහිමි කළ නොහැකි, උතුම් චර්යා ධර්ම හා සදාචාරය එයයි. වෛද්‍ය වෘත්තියට ඇතුළු වන්නන්ට හිමි තේජාන්විත උරුමය එයයි. ඔවුන්ගේ පරාර්ථකාමී සේවයේ පරමාදර්ශය එයයි.
පොලිසිය, හමුදාව, ගිනි නිවීමේ සේවය වැනි අනන්‍ය වූ වෘත්තීන් සුළු සංඛ්‍යාවකට යි වෛද්‍ය වෘත්තිය අයත් වන්නේ. මෙම වෘත්තීන්හි ස්වභාවය අනුව වර්ජනවල නිරතවන්නන්ට ඔවුනට අයිතියක් නැත්තේ ඉන් ජීවිත හානි ඇති විය හැකි බැවිනි. වෛද්‍ය වෘත්තියට ඇතුළු වන්නෝ එහි අන්තර්ගත ඒ කොන්දේසිය පිළිගනිති. සෑම වෘත්තියකම ඊට අනන්‍ය වූ වරප‍්‍රසාද හා අවාසි සහගත තත්ත්වයන් ආවේණිකව අන්තර්ගතය. වෘත්තියකට බැඳෙන්නන් එහි ආවේණික වූත් අනන්‍ය වූත් චර්යා ධර්ම, වාසි හා අවාසි ගැන මනා අවබෝධයෙන් යුතුව ඒවා පිළිගනිමිනි ඊට බැඳෙනුයේ. ඒවාට එකඟ නොවන්නේ නම් වෙනත් තමන්ට ගැලපෙන වෘත්තියක් තෝරාගත යුතුයි.
අද දින ගැටලූව වී ඇත්තේ එහි යථාර්ථය තේරුම්ගත නොහැකි වූ හා ‘‘නොගැළපෙන වෘත්තිය’’කට ඇතුළු වූ වෛද්‍යවරුන් විශාල සංඛ්‍යාවක් සිටීමයි. ආවේගශීලී, ද්වේෂ සහගත රජයේ නිලධාරීහු සංගම් නායකයෝ හා තම වෛද්‍ය හාම්පුතාට සදා අවනත එහි පදය අනුව නැටවෙන වලිගය බඳු ‘‘රජයේ දන්ත වෛද්‍ය නිලධාරී සංගමය’’ දේශපාලන හා බල අරගලයක නිරත දළදඬු වෘත්තීය සමිති නායකයෝ මුදලට වහල් වී වෛද්‍ය සේවය ඉතාමත් සරු වෙළෙඳ ව්‍යාපාරයක් පමණක් සේ සලකන වෛද්‍යවරුන්, තත්ත්වය, පට්ටම, මාන්‍ය හා ජනයාගේ වැඳුම් පිදුම් ලැබීමේ අටියෙන් මෙම උතුම් වෘත්තියට ඇතුළත් වී සිටින්නන් අතර වෙත්, අභාග්‍යයකි! අධ්‍යයන ක්ෂේත‍්‍රය පවා මොවුන්ට ක්ෂේම භූමියක් වී තිබේ.
ශිෂ්‍යයන් දිරිගැන්විය හැකි වූත්, ඔවුන්ට පරමාදර්ශී චරිත විය හැකි වූත් අය, අද අතුගෑවී යන්නා වූ කොටසක් බවට පත්ව තිබේ. ඒ වෙනුවට පත්ව සිිටිනුයේ සිය ආත්ම සන්තුෂ්ටිය උදෙසා, ජරාජීර්ණ වූ තම ‘‘ජීව දත්ත’’ පත‍්‍රය පණගැන්වීමට පහත් මට්ටමේ වැදගැම්මකට නැති පර්යේෂණ ප‍්‍රකාශන පළ කරන, අධිකාරී පදවියකට පත්ව එහි බලය තම අභිමතය පරිදි හසුරුවන, තොරක් නැති කමිටු, සම්මන්ත‍්‍රණ හා වැඩමුළු අතර කාලය ගෙවමින් ඉතා සැහැල්ලූ වූත් සුවපහසු වූත් අධ්‍යයන ජීවිකාවන්හි නියැලෙන්නන්ය. අවංකව හා කැපවීමෙන් යුතුව රෝගීන්ගේ කටයුතු හා ඉගැන්වීමේ කටයුතුවල නියැලෙමින් ඉතා ප‍්‍රශස්ත මට්ටමක සේවා තෘප්තිය ලත් අයගේ තැන් අද ඔවුන් අරක් ගෙන සිටිනු දක්නට ඇත. අඩන්තේට්ටම් කරන්නා වූ වෛද්‍යවරුන්, ශිෂ්‍යයන් හිංසාවට හා ප‍්‍රචණ්ඩත්වයට පොළඹවන අසංවර දුරාචාර වෛද්‍යවරුන් අන් අයගේ මතය නොඉවසන, ආත්මාර්ථකාමී අරමුණු ඉෂ්ට කර ගැනීමට එකඟත්වය දිනා ගැනීම සඳහා තම සහෝදර වෘත්තිකයන් බියවැද්දීමෙහි නිරත වන්නන් ද එමගින් ‘‘නොගැළපෙන වෘත්තිය’’කට ඇතුළත් වී සිටින්නන්ගේ ලේඛනය සම්පූර්ණය යි සිතමි.
එසේ ‘‘නොගැළපෙන වෘත්තිය’’කට ඇතුළු වූ වෛද්‍යවරු විවිධ මුහුණුවරින් පෙනී සිටිති. එහෙත් වෛද්‍ය සේවයේ තිබිය යුතු උත්තරීතර ගුණාංග වන සම්මානනීය ආවේණික සම්ප‍්‍රදායන්, සේවයට කැපවීම හා පරාර්ථකාමීත්වය ගිලිහුණු බවත් යන්න, ඔවුන් තුළ ප‍්‍රකට වන පොදු ලක්ෂණය යි. විශිෂ්ටත්වයක්, ගරුත්වයක් ආවේණික වූ වෘත්තියක් ඔවුහු සාමූහිකව කෙළෙසති. එහි පුරුෂාර්ථ හා සම්ප‍්‍රදායන් ඇතුළතින්ම සෝදාපාළුවට ලක්කරත්. නව වෛද්‍යවරුන් පරම්පරාවක්ම එම අවාසනාවන්ත මට්ටමට ඇද දමත්. උගත් වෘත්තීන් අතර උසස්ම වෘත්තිය වන වෛද්‍ය වෘත්තියෙහි වුව ඊට නොගැළපෙන වෘත්තිකයන් රැුසක් හිඳීමෙන් විශදවන එක් ප‍්‍රධාන කරුණක් වනුයේ වෛද්‍ය පුහුණුව සඳහා සිසුන් තෝරා ගන්නා ක‍්‍රමවේදයයි. බඳවා ගැනීම් 100ක්ම කුසලතා මත පදනම් නොවේ. ඔවුන්ගේ ආකල්ප, පෞරුෂත්වය, චර්යාව, උනන්දුව, පසුබිම ආදීන් මිණිය හැකි මිණුම් දණ්ඩක් නොමැත.
මෙවන් විවේචන ඉදිරිපත් කරනුයේ දැඩි සංවේගයෙනි. සෞඛ්‍ය ක්ෂේත‍්‍රයෙහි දිගු කලක් නියැළුණු මා අප රටෙහි අතිවිශිෂ්ට, දැඩි ලෙස සේවයට කැපවුණු වෛද්‍යවරුන් ඇසුරු කිරීමේ භාග්‍යය නොමඳව ලැබූවෙක්මි. ඒ උතුම් වෘත්තියක් බබලවන ලද එවන් වෛද්‍ය උතුමන් වෙත මා තුළ ඇති ගරුත්වය හා ප‍්‍රණාමය නිසාවෙනි. විශේෂයෙන් මහා පරිමාණයේ වර්ජන තුළින් වෘත්තීය අගාධය කරා ගෙන යාමට යත්න දරන අය කෙරෙහි මා තුළ දැඩි පිළිකුලක් හටගත්තේය.
වෘත්තියට නොගැළපෙන්නන් හා කෲර වෘත්තීය සමිති නායකයන් විසින් ආක‍්‍රමණය කොට, උතුම් වෘත්තියක් ජරාජීර්ණ වූ තත්ත්වයකට ඇද දැමීමේ ක‍්‍රියාවලියෙහි අවසාන ජවනිකාව වනුයේ, වර්ජන ඇති කොට රෝගීන්ට ප‍්‍රතිකාර කිරීම ප‍්‍රතික්ෂේප කිරීමයි. අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යනවාය යන්න, ජනතාව මුළා කිරීමට සැකසූ කූට උපක‍්‍රමයකි. එහි යථාර්ථය නම්, වර්ජනය හේතුවෙන් මියයන්නන්, සංකූලතාවකින් රෝගය උත්සන්නවන්නන්, අසීරු තත්ත්වයට පත්වන්නන්, සෞඛ්‍ය තත්ත්වය යම් තරමින් හෝ පහත් අඩියට පත්වන්නන් ආදීන් කොපමණ දැයි සිතා ගැනීමට හෝ නිවැරැුදිව ගණනය කිරීමට හෝ පහසු කාර්යයන් නොවේ.
මේ වනවිට යහපත් මහජන මතයක් ගොඩනැඟී ඇති බැවින්, තත්ත්වය තවදුරටත් ව්‍යාකූල නොකොට දැඩි ප‍්‍රතිපත්තියක සිටිමින්, වෛද්‍ය වර්ජන නීති විරෝධී කොට ජනතාව දළදඬු වෛද්‍ය වෘත්තීය සංගම් ග‍්‍රහණයෙන් මුදවාගනු ඇතැයි, අපේක්ෂා සහගතව රජයෙන් බලාපොරොත්තු වේ. එසේම වෛද්‍ය සිසුන් ද පන්ති වර්ජන හැරදමා ඉගෙනුමට යළි ඒමට බල කිරීමේ අවශතාව ද ඔවුන් එසේ නොඑන්නේ නම් විශ්වවිද්‍යාලයෙන් නෙරපා හැරීමේ දඬුවමට ලක් විය හැකි බව අවධාරණය කිරීමේ පියවර ද ගත යුතු බැව් පැහැදිලි කරුණකි. මෙම කරුණ පිළිබඳ පියවර ගැනීමේදී යමෙක් ‘‘සයිටම්’’ ආයතනය ගැන කුමන මතයක් දරන්නේ ද යන්න අදාළ නොවනුයේ එය මෙයට පරිබාහිර ප‍්‍රශ්නයක් බැවිනි.
ජනතාවගේ බදු මුදලින් යැපෙන, නිදහස් අධ්‍යාපන වරප‍්‍රසාද භුක්ති විඳින ශිෂ්‍යයන්, කම්කරුවන්ගේ ගණයට නොවැටෙන බැවින්, ඔවුන්ට වෘත්තීය සමිති අයිතිවාසිකම් කිසිසේත් හිමි නොවේ. පන්ති වර්ජනය කිරීම තමන්ට යහපත හා වරප‍්‍රසාද සලසා දෙන අයගේ මුහුණට දමා ගැසීමක් සේය. ජාතියේ තාරුණ්‍යයේ ඉහළින්ම සිටින්නේ තමන්ය යි සිතන, හුරතල් කරන ලද සිසුන් කෙරෙහි, ජනතාව තමන් රැුකිය යුතුය යන්න තමන්ගේ උරුමයක් සේ කල්පනා කිරීම, සිසුන්ට ආවේණික ලක්ෂණයක් බැව් පෙනේ. එහෙත් සැලකිය යුතු බුද්ධිමත්කමක් නොමැති, අයහපත් ආකල්ප ඇති සිසුන්, කුසලතාවම මත නොව පරිබාහිර ක‍්‍රමවේදවල පිහිටෙන් හා උපකාරක පන්තිවල පිහිටෙන්, විශ්වවිද්‍යාල ප‍්‍රවේශය ලබන බව විමර්ශනශීලී අධ්‍යයන කාර්ය මණ්ඩලයට නොරහසකි. අද දින උසස් අධ්‍යාපනය අපකීර්තියට හා අවභාවිතයට පත් කරන වෛද්‍ය ශිෂ්‍යයන්ගේ පන්ති වර්ජනයට පූර්වාදර්ශය ලබා දුන්, අතීතයේ විශ්වවිද්‍යාලවල තිබූ දරුණු ප‍්‍රචණ්ඩත්වයට යොමුවීමේ ප‍්‍රවණතාවය, ජ්‍යෙෂ්ඨ සරසවි ඇදුරන්ට මතක ඇති බව නිසැකය.
රජයේ වෛද්‍ය නිලධාරී සංගමය වරින්වර කර ඇති අනතුරු ඇඟවීම, ශිෂ්‍යයන්ට අවි ආයුධ අතට ගැනීම හැර වෙන විකල්පයක් නැතැයි ඔවුන් පෙර කරන ලද ආවේගශීලී ප‍්‍රකාශයක් ඇසුරු කොට ගත්තකි. අවිචාරවත් වෛද්‍යවරුන් හා ඔවුන් විසින් මෙහෙයවන නන්නත්තාර වූ වෛද්‍ය සිසුන්ගේ පාපතර සංයෝගය, මුළු රටත් ජනතාවත් ග‍්‍රහණයට ගෙන ඇති බැව් පෙනේ. මෙම භයානක තත්ත්වය කල් ඇතිව පාලනය කර ගැනීම සඳහා රජය වඩා ක‍්‍රියාත්මක වී, මොවුන්ගේ සමාජ විරෝධී ක‍්‍රියා මැඬලීම සඳහා වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජන හා වෛද්‍ය ශිෂ්‍යයන්ගේ පන්ති වර්ජන, නීති විරෝධී බවට පත් කිරීමට වහා පියවර ගනු ඇතැයි යන්න අපේක්ෂාවයි.