ශ්‍රී ලංකාවේ බිහිසුණුම ගුවන් අනතුරට වසර 43 ක්


(රංජිත් රාජපක්ෂ)

ශ්‍රී ලංකාවේ මෙතෙක්  සිදුවු  බිහිසුණුම ගුවන් අනතුර වන සපතකන්‍යා අනතුර සිදුවී අදට (4) වසර 43 ක්  සපිරේ.1974.12.04 වැනි දින මක්කම බලා පියාසර  කරමින් තිබු ඕලන්දයට  අයත්  මාර්ටින්  එයාර් ඩී.සි 8 ගුවන් යානය මෙම අනතුරට මුහුණ දුන්නේය.

ඉන්දුනිසියාවේ සුරවෙයාර් ගුවන්  තොටුපළින් 182 ක් හා කර්ය මණ්ඩලය 9 දෙනෙක් රැගෙන ආගරපත,නෝර්වුඩ් කාසල්රි ජලාශයට ඉහළින් පියාසර  කරමින් සිටිය දී  එදින රාත්‍රී 10.10ට පමඛ සප්ත කන්‍යා කන්දේ හැපී එම ගුවන් යානයේ සිටි 191 දෙනෙක්  මිය ගියහ.

කඳු පාමුල සිරුරු කිහිපයකුත් කන්ද ඉහළ තවත් සිරුරු කිහිපයකුත් වැටී  තිබී සොයා  ගත් අතර  පසුව සිරුරු 190 ක් කන්ද පාමුල මිහිදන්  කර  යානයේ  ගුවන් සේවිකාවකගේ සිරුර පමණක් ඇගේ පෙම්වතා ඉන්දුනිසියාවේ සිට හෙළිකොප්ටර් යානයකින්  මෙරටට පැමිණ ඉන්දුනිසියාවට  රැගෙන ගිය බවද වාර්තා වෙයි.

අනතුරට පත් ගුවන් යානයේ ප්‍රධාන ගුවන් නියමුවා වශයෙන් කටයුතු කර ඇත්තේ නෙදර්ලන්ත ජාතික හෙන්රික් ලැම්රේ නැමති (52) අයෙකි.

යානයේ ගමන් කළ කාර්ය මණ්ඩලයේ නවදෙනා සැමරීම සඳහා  නෝර්ටන්බ්‍රිජ් පොලිසිය ඉදිරිපට ඔවුන්ගේ නම් සටහන් සිහිවටනයක් ලෙස තබා ඇති අතර  අනතුරට  පත් ගුවන් යානයේ  ඉදිරිපස රෝදය අසල තැන්පත් කර ඇත.

මෙම ගුවන් අනතුරෙන් මියගිය අය මිහිදන්  කර ඇති ස්ථානය අසල එම ගුවන් යානයේ ලාංජනය සවිකර  තිබුණ ද කිසියම් පිරිසක් විසින් එම සිහිවටනය මේ වන විට  ගලවා ගෙන ගොස් ඇත.

මෙම ගුවන් අනතුරට හේතුව තාක්ෂණ දෝෂයක් බව ඒ පිළිබඳ පරික්ෂණ පැවැත්වු පරික්ෂණ කණ්ඩායම විසින් වාර්තාවක්  මගින් ඉදිරිපත් කරන ලදී.