දේශපාලන විශ්ලේෂක - මොහාන් සමරනායක විසිනි
ඊශ්‍රායලය සහ පලස්තීනය අතර පවතින යුද්ධය පිළිබඳ නැවත සමාජය තුළ සාකච්ඡාවට බඳුන්වන්නේ පසුගිය ඔක්තෝබර් 07 වැනිදා හමාස් සටන්කරුවන් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරය හා ඊශ්‍රායලය එල්ල කළ ප්‍රතිප්‍රහාරය සමගය. මේ සමගම සමාජය තුළ නැවතත් ඊශ්‍රායල් පලස්තීන යුද්ධය පිළිබඳ කතිකාවක් නිර්මාණය වූ අතර ලෝකයම දෙපිල බෙදී ඒ සම්බන්ධව අදහස් දක්වන ස්වරූපයක් දක්නට ලැබිණි. මෙහිදී අපට පැහැදිලිව කැපී පෙනෙන කාරණාවක් වූයේ ධනවත් රටවල් ඊශ්‍රායලය දෙසටත් අනෙක් රටවල් පලස්තීනය දෙසටත් දෝලනය වූ ආකාරයයි.
ලංකාවේ සමහර අයගේ මතය වන්නේ පලස්තීනය ඊශ්‍රායලයට හදිසි ප්‍රහාරයක් එල්ල කිරීම සමග පලස්තීනය වැරැදියි ඊශ්‍රායලය හරි කියන මතයයි. පාස්කු ප්‍රහාරයේ අත්දැකීම් තිබෙන අපි වැනි රටක් එවැනි මතයකට පැමිණීම එක අතකින් වැරැද්දක් නොමැත.
හමාස්වරු ඊශ්‍රායලයේ සාමාන්‍ය ජනතාවට ප්‍රහාර එල්ල කිරීම හා සාමාන්‍ය ජනතාව ප්‍රාණ ඇපයට ගැනීම හෙළාදැකිය යුතු කාරණාවක්වේ. ඉන්පසුව ඊශ්‍රායලයේ වැරැද්ද වන්නේ නිරායුධ සිවිල් වැසියනුත් ඉලක්ක කර ගනිමින් ඉවක් බවක් නැතුව එක දිගටම ප්‍රහාර මාලාවක් එල්ල කිරීමයි.
ඊශ්‍රායල් - පලස්තීන ගැටුමේ ඉතිහාසය හඳුනා ගැනීම එක අතකින් දුෂ්කර කාරණාවකි. මේ ගැටුමේ නූතන ආරම්භය 1948 දක්වා දිවයයි. එදා සිට මේ දක්වා ගැටුම ක්‍රමානුකූලව ගමන් කළ ආකාරය අවුල් සහගතය. පලස්තීනය නමින් හඳුන්වන ගම් කලාපය අතීතයේ තිබුණේ රෝම අධිරාජ්‍ය යටතේය. ඉන්පසුව විවිධ බලවත් රටවල් යටතේ එය පාලනය විය. පළමු ලෝක යුද්ධ අවධියේ දී පලස්තීනය පාලනය වූයේ ඔටෝමන් අධිරාජ්‍ය යටතේය. ඒ වකවානුවේ දී පලස්තීන ජන ගහනයෙන් සියයට 90 ක් සිටියේ අරාබි ජනතාවය.
ලෝක යුද්ධය අවසානයේ දී බ්‍රිතාන්‍ය ඔටෝමන් අධිරාජ්‍ය රටවලට පොරොන්දුවක් ලබා දුන්නේ යුද්ධයේ දී ඔටෝමන් අධිරාජ්‍යයට උදවු කළහොත් අරාබි රටවලට ස්වාධීනත්වය ලබා දෙන බවයි. එහෙත් පළමු ලෝක යුද්ධය අවසානයේ දී ඒ ඉල්ලීම ඉටු කෙරුණේ නැත. මේ ප්‍රදේශය සඳහා මුල සිටම බ්‍රිතාන්‍යයෙන් ප්‍රංශයෙන් ලොකු බලපෑමක් තිබිණි.
බ්‍රිතාන්‍ය විදේශ ඇමැති ආතර් බාල්සර් යුදෙව් සමාජ නායකයකුට ලිපියක් යවමින් 1917 නොවැ. 02 වැනිදා පවසන්නේ පලස්තීන යුදෙව් රාජ්‍යයක් නිර්මාණය කිරීමට බ්‍රිතාන්‍ය තීරණය කර තිබෙන බවයි. සයන්වාදය ලෙස හැඳින්වෙන්නේ යුදෙව්වන්ට තමන්ගේම රාජ්‍යයක් නිර්මාණය කිරීමයි. යුදෙව් ප්‍රකට නායකයකු වන ‘නියෝ ඩෝර් අර්පෙල්’ යුදෙව් රාජ්‍යය නමින් පොතක් රචනා කරමින් මෙහි වැදගත්කම පැහැදිලි කර ඇත.
දෙවැනි ලෝක යුද්ධය අවසානයේ දී බලවත් රටවල් එකතුවී ජාතීන්ගේ සංගමය නමින් සංවිධානයක් නිර්මාණය කෙරිණි. බ්‍රිතාන්‍යයන් නිතරම දිරි ගැන්නුවේ යුරෝපයේ සිටින යුදෙව්වන් පලස්තීනයට සංක්‍රමණය වීම සඳහායි. තවත් යුරෝපීය රටවල යුදෙව්වන් සංහාරයකළ යුතුයි යනුවෙන් ව්‍යාපාර තිබිණි. යුදෙව්වන් මේ ප්‍රදේශයට එන්නට පටන් ගත්විට බ්‍රිතාන්‍ය එය සයන්වාදීන් ලෙස දිරිගන්වනු ලැබිණි.
දිගින් දිගටම යුදෙව් ආගමනය නිසා පලස්තීන ජනගහන සංයුතිය විශාල ලෙස වෙනස් වන්නට විය. 1940 වන විට බ්‍රිතාන්‍ය පාලනය යටතේ පලස්තීනයේ යුදෙව් ජනගහනය සියයට 10 ක් සිට සියයට 30 ක් දක්වා වැඩි වන්නට විය. මෙසේ ජන ගහනය වැඩි වන විට පලස්තීන වැසියන් විවිධ සටන්, වර්ජන දියත් කළත් බ්‍රිතාන්‍ය කෲර විදියට ඒවා මර්දනය කළේය. යුදෙව්වන්ට ඉඩදීම සඳහා පලස්තීනුවන් ඉඩම්වලින් පළවා හැරිණි.
1936 දී මේ ප්‍රශ්නය සෙවීම සඳහා කොමිසමක් පත් කෙරිණි. එය හැඳින්වූයේ පීල් කොමිසම නමිනි. එම කොමිසම පසුව නිගමනය කළේ යුදෙව් ආගමනය සීමා කළ යුතුයි යනුවෙනි. එයට යුදෙව් ජාතිකයන්ගෙන් විරෝධයක් පැමිනිණි. සයන්වාදීන් හමුදා ඒකක නිර්මාණය කෙරිණි. සටන් පුහුණුව තිබිණි. 1947බ්‍රිතාන්‍යයන් මේ ප්‍රශ්නය එක්සත් ජතීන්ගේ සංවිධානයට බාර දෙන්නේ විසඳුමක් සඳහාය.
1947 දී එක්සත් ජාතීන්ගේ යෝජනාවක් සම්මත කර ගන්නේ පලස්තීනය බෙදා වෙන් කිරීම සඳහාය. ඒ සැලැස්ම අනුව පලස්තීනය යුදෙව් රාජ්‍යයක් කිරීමට තීරණය විණි. ඒ සැලැස්මට අනුව පලස්තීන භූමියේන් 56 ක් යුදෙව්වන්ට වෙන්කෙරිණි. අරාබි සහ පලස්තීන ජනයාට වෙන්කෙරුණේ සියයට 42 කි. ජෙරුසලම අන්තර්ජාතික පාලනය යටතේ තබා ගන්නට තීරණය කෙරිණි. එම තීරණය යුදෙව්වන් පිළිගත්තත් අරාබිහු එය ප්‍රතික්ෂේප කළහ.
1948 මැයි 14 බ්‍රිතාන්‍ය පලස්තීන පාලනය නතර කෙරිණි. යුදෙව්වන් එහිදී ප්‍රකාශයට පත් කළේ තමන්ට වෙන් කළ භූමියේ ඔවුන් රාජ්‍යයක් නිර්මාණය කරන බවයි. එහිදී යුදෙව්වන් ඊශ්‍රායලය සමග යුද්ධයකට යන අතර වැඩි වාසි හිමිවූයේ ඊශ්‍රාලයටය. මේ ප්‍රශ්නය ක්‍රමානුකූලව දිගින් දිගටම ඇදී ගිය අතර ඊශ්‍රායලය භූමිය ව්‍යාප්ත කෙරිණි. අලුත් ජනපද නිර්මාණය කෙරිණි. ප්‍රචණ්ඩත්වය අවිබලය පාවිච්චි කෙරිණි. විරෝධතා දක්වන්නන්ට වෙඩි තැබිණි.
මෙය ක්‍රමයෙන් ලෝක ප්‍රශ්නයක් බවට නිර්මාණයවූ අතර මැද පෙරදිග ගැටලුව ලෙසින් හඳින්වූයේ මෙයයි. ලෝක බලවතුන් කොතරම් මෙය විසඳීමට උත්සාහ කළත් එය සමථයකට පත්වූයේ නැත. සාම ගිවිසුම් ගැසුවත් ප්‍රශ්නය කෙළවරක් දක්නට ලෝක බලවතුන්ට නොහැකි විය. 1967 දී මේ ප්‍රශ්නය මුල්කර ගනිමින් අරාබි සහ ඊශ්‍රායල් රටවල් අතර යුද්ධයක් ඇතිවිය. එහි අවසානයේ වූයේ ඊශ්‍රායලය අරාබි ප්‍රදේශ තමන්ගේ යටතට ගැනීමයි.
එක්සත් ජාතීන්ගේ යෝජනාව වූයේ ඒ අල්ලාගත් ප්‍රදේශ ආපසු දෙන්න යනුවෙනි. එහෙත් ඊශ්‍රායලය එසේ කළේ නැත. 1964 දී අරාබි - පලස්තීන සටන්කාමීන් එකතුවී සංවිධානයක් නිර්මාණය කරන්නේ පලස්තීන විමුක්ති සංවිධානය නමිනි. එහි නායකයා වූයේ යසර් අර්පත්ය. පලස්තීන විමුක්ති සංවිධානය උත්සාහ කළේ ඊශ්‍රායලය විනාශ කර තමන්ගේ රාජ්‍යයක් හැදීමටය.
එහෙත් මේ දක්වා එය සාර්ථකවී නොමැත. 1978/ 1993 වර්ෂවල දී ලෝක බලවතුන් එකතුවී සාම ගිවිසුමක් පිළියෙළ කළත් දෙපාර්ශ්වයට එකඟ විය හැකි ආකාරයට එය විසඳුනේ නැත. මේ දක්වා සිදුවූයේ හමාස් සංවිධානය වරින් වර ඊශ්‍රායලයට ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල කළත් ඊට ප්‍රතිප්‍රහාර ඊශ්‍රායලය එල්ල කරන බවයි.
ගාසා තීරය යනු පලස්තීනයට අයත් බිම් කඩකි. දිගින් කිලෝමීටර් 41 ක් වන මෙය පළලින් කිලෝ මීටර් 10 කි. විසිතුන් ලක්ෂයක් ජනතාව මෙහි වාසය කරති. ගාසා තීරයේ ගොඩබිම හමාස්වරු පාලනය කරන අතර ගුවන හා මුහුද ඊශ්‍රායල්වරු පාලනය කරති.
මෙම සටනේ අලුත්ම තත්ත්වය වන්නේ ඊශ්‍රායලය ගාසා තීරය වටලා තිබීමයි. දිනපතාම ප්‍රහාර හා ප්‍රතිප්‍රහාර එල්ල වෙයි. මේ වනවිට ගාසා තීරයේ රෝහල්, පාසල්, සරණාගත කඳවුරු විශාල ප්‍රමාණයක් විනාශවී ඇත.
ලක්ෂ ගණන් ජනතාව බරපතළ ඛේදවාචකයකට මුහුණ දී සිටිති. මේ තත්ත්වය තවදුරටත් පැතිරුණහොත් මහා ජන සංහාරයක් සිදුවීමට ද ඉඩ තිබේ. එහෙත් ප්‍රශ්නය තවමත් එතැනම තිබේ. හමාස්වරුන්ගේ අභිප්‍රාය පලස්තීන ජනතාවට පිළිගත හැකි රාජ්‍යයක් නිර්මාණය කිරීමයි. එසේම පලස්තීනයත් පිළිගත යුතු කාරණාව වන්නේ ඊශ්‍රායලයට පවතින්නට තිබෙන අයිතිය පිළිගැනීමයි.
මෙය ලෝක යුද්ධයක් දක්වා වර්ධනය වීමට ඉඩක් නැත. එහෙත් කලාපිය වශයෙන් යුද්ධයකට තල්ලු වීමට ඉඩකඩ තිබේ. මේ නිසා අද මුළු ලෝකයම අර්බුද ගණනාවකට තල්ලු වී ඇත. ප්‍රධාන ප්‍රශ්නය ලෝකයටම මැද පෙරදිගින් සියයට 65 ක පමණ තෙල් සැපයීම සිදුකරයි.
යුද්ධය දිග් ගැස්සුනොත් අර්බුද ගණනාවක් ඇති විය හැකිය. විදේශ රැකියා සංචාරක තේ වෙළෙඳාම වැනි දේවල්වලින් ජීවත් වන අප වැනි රටකට මෙවැනි ලෝක යුද්ධ ඇතිවීම දරාගත නොහැකිය. මේ බොහෝ ප්‍රශ්නවලට මුල සිටින්නේ ඇමරිකාවයි. ලෝකය පාලනය කරන්නේ ඇමරිකාව බව රහසක් නොවේ. ඔවුන් අද හැරී සිටින්නේ ඊශ්‍රායලය දෙසටය. ඉදිරි පැය ඊශ්‍රායල් පලස්තීන යුද්ධයේ තීරණාත්මක පැයයි.
සටහන – අමිල චින්තක ගමගේ