10 දෙනකුගෙන් අට දෙනෙක්ම මෝදිට කැමතියි


ඉන්දියානුවන් දස දෙනකුගෙන් අට දෙනකු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට කැමැති බව ඉන්දීය මාධ්‍ය සිදු කළ සමීක්ෂණවලින් අනාවරණය වී තිබේ.

ලබන 2024 පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයෙන් ද මෝදි ප්‍රමුඛ ඔහුගේ හින්දු ජාතිකවාදී ‘භාරතීය ජනතා පක්ෂය’ ජයග්‍රහණය කරනු ඇතැයි ද එම ජනමත සමීක්ෂණවලින් පැහැදිලි වෙයි.