2021 වසරෙන් පසු පළම වරට චීනයෙන් ‘කොවිඩ් 19’ කොරෝනා මරණයක් වාර්තා වෙයි.
එම මරණය වාර්තා වන්නේ ජින් පළාතෙනි. ඒ අනුව, චීනයේ සමස්ත ‘කොවිඩ් 19’ මරණ 4,638 ක් තෙක් ඉහළ යන බව සෞඛ්‍ය අංශ පවසා තිබේ.
චීනයේ පළාත් රැසකින් මේ වනවිට ‘කොවිඩ් 19’ ආසාදිතයන් හමුවීමට පටන්ගෙන තිබේ. ඒ, ඔමික්‍රෝන් විකෘතිය ඉතා වේගයෙන් ව්‍යාප්තියත් සමඟය.
අවසන් වරට චීනයෙන් ‘කොවිඩ් 19’ මරණයක් වාර්තා වූයේ 2021 ජනවාරි 26 වැනිදාය. ගතවුණු පැය 24 ඇතුළත චීනයෙන් වාර්තා වූ සමස්ත ‘කොවිඩ් 19’ ආසාදිතයන් ගණන 4,051 ක් යැයි සෞඛ්‍ය අංශ නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
(රොයිටර්)