රුසියානු හිටපු ජනාධිපති දිමිත්‍රි මෙඩ්වදේව් 2023 වසර සඳහා අපූරු අනාවැකි දෙකක් ඉදිරිපත් කර තිබේ.
මෙඩ්වදේව්, රුසිටන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ සමීපතම මිතුරාය. මේ වනවිට ඔහු රුසියාන් ආරක්ෂක මණ්ඩලයේ නියෝජ්‍ය ප්‍රධානියා ද වෙයි.
2023 වසරේ දී ජර්මනිය සහ ප්‍රංශය අතරේ යුද්ධයක් හට ගනු ඇති බවත්, ඇමෙරිකාවේ සිවිල් යුද්ධයක් හටගනු ඇති බවත් මෙඩ්වදේව් අනාවැකි පළ කර තිබේ.
ඇමෙරිකාවේ ආරම්භ වන සිවිල් යුද්ධය අවසන් වනු ඇත්තේ බිලියනපති ව්‍යාපාරික ඉලොන් මස්ක් ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට පත් වීමෙන් යැයි ද මෙඩ්වදේව් පැහැදිලි කර තිබේ.
ඇමෙරිකානු ජනාධිපතිවරණය 2024 වසරේ පැවැත්වෙයි.
2023 දී බ්‍රිතාන්‍යය යළි යුරෝපා සංමගම හා එක් වීමට කැමැත්ත පළ කරනු ඇති බවත්, ඒ සමඟම යුරෝපා සංගමයේ කඩා වැටීම සනිටුහන් වනු ඇති බවත් මෙඩ්වදේව් අනාවැකි පළ කර ඇත.
(එන්.ඩී.ටීවී.)