2024 ජනාධිපති ධුරයට නිකී හේලි තරග වදිනවා


ඇමෙරිකා ජනාධිපතිවරණය 2024 වසරේ පැවැත්වෙන අතර තමන් අපේක්ෂකයකු ලෙස ඊට ඉදිරිපත් වන බව නිකී හේලි පවසයි. 51 හැවිරිදි නිකී හේලි නියෝජනය කරන්නේ ප්‍රතිවාදී රිපබ්ලිකන් පක්ෂයයි.

නිකී හේලි 2011 සිට 2017 තෙක් කාලයේ දකුණු කැරොලිනා ප්‍රාන්ත ආණ්ඩුකාරිය වූවාය. ඊට අමතරව, ඇය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමෙරිකන් තානාපතිනිය ලෙස ද කටයුතු කර තිබේ.

නිකී හේලිට අභියෝගයක් කිරීමට ජනාධිපති ධුර අපේක්ෂා කරන රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සූදානම් බව ද පැවැසෙයි.

(රොයිටර්)