2025 ඔස්කාර් සිනමා සම්මන උළෙල අවිනිශ්චිතයි


ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදයේ ලොස් ඇන්ජලීස් නුවර වැනැසූ ළැව් ගිනි හේතුවෙන්, මෙම 2025 වසරේ ඇකඩමි සම්මාන උළෙල හෙවත් ඔස්කාර් සම්මාන උළෙල පවත්වනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තවදුරටත් අවිනිශ්චිත තත්ත්වයක් පවතින බව විදෙස් මාධ්‍ය පවසයි.

ලොස් ඇන්ජලීස් යනු හොලිවුඩ් පුරය. ඔස්කාර් සිනමා සම්මාන උළෙල යනු හොලිවුඩ් එසේත් නැතිනම් බටහිර සිනමාවේ මෞලිමංගල්‍යයයි.

හොලිවුඩ් නළු නිළියන් ද ඇතුළු හොලිවුඩ් ක්ෂේත්‍රයේ බෙහෝ දෙනකු සම්මාන උළෙල අවලංගු කරන ලෙස ඉල්ලීම් සිදුකර ඇති බව ද වාර්තා වේ. ළැව් ගින්නට හසුවීමෙන් හොලිවුඩ් නළු නිළියන්ගේ නිවාස සහ මන්දිර බොහොමයක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.

මෙවර 2025 වසරේ සම්මාන උළෙල සඳහා නාම යෝජනා නිවේදනය සිදු කිරීමට නියමිතව තිබුණ ද එය ලබන ජනවාරි 23 තෙක් කලා දැමුණි.  ඔස්කාර් සම්මාන උළෙල ලබන මාර්තු 2 වන දින පැවැත්වීමටයි සැළසුම් කර තිබුණි.