HMPV වයිරසය ඉන්දියාවටත්


චීනයේ පැතිරෙන, හියුමන් මෙටා නියුමෝ වයිරස් හෙවත් එච්.එම්.පී.වී. Human metapneumovirus (HMPV) වයිරස ආසාදිතයන් පළමු වරට ඉන්දියාවෙන් ද හඳුනාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

HMPV ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇත්තේ, මාස අටක දරුවකු සහ මාස තුනක දරුවකු බව ද පැවැසෙයි.

HMPV රෝග ලක්ෂණ සෙම්ප්‍රතිශ්‍යාවට සමාන වෙයි. කැස්ස, තද උණ, නාසයේ තදබදය, හුස්ම හිරවීම සහ උගුරේ අමාරුව HMPV හි රෝග ලක්ෂණ කිහිපයකි.

(බීබීසී)