අගමැති මෝදි යුක්රේනයට එයි


රුසියන් යුක්රේන යුද්ධයට මැදිහත් වී, එය අවසන් කිරීමේ අරමුණින්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි යුක්රේනයේ කීව් අගනුවර බලා පැමිණියේය.

යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීගෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි.

අග්‍රාමාත්‍ය මෝදි විශේෂිත නියෝජිතයන් කණ්ඩායමක් ද පිරිවරා ගනිමින්, යුක්රේනයේ කීව් අගනුවර බලා ගියේ පෝලන්තයේ සිට විශේෂ දුම්රියකිනි. පෝලන්තය සහ යුක්රේනය අසල්වැසි රටවල්ය.

මෝදි සමඟ මෙම සංචාරයට ඉන්දීය විදේශ ඇමැති එස්. ජයිශංකර් ද එක් වී සිටී.

(ඒ.එෆ්.පී.)