යුක්රේනය බ්‍රිතාන්‍යයේ සමීපතම මිතුරකු බවත්, තමන් තමන් අග්‍රාමාත්‍ය ධුරයට පත් වුවහොත් දිගටම යුක්රේනයට සහාය ලබා දෙන බවත් බ්‍රිතාන්‍ය විදේශ ඇමැතිනී ලිස් ට්‍රස් පවසයි.
බොරිස් ජොන්සන්ගේ ඉවත් වීමෙන් පසු පක්ෂ නායකත්වයට තරග වදින්නේ ලිස් ට්‍රස් සහ බ්‍රිතාන්‍යයේ හිටපු මුදල් ඇමැති (චාන්සලර්) රිෂී සුනාක් ය. බ්‍රිතාන්‍යයේ පාලක පක්ෂයේ නායකයා වන තැනැත්තාට අග්‍රාමාත්‍ය ධුරය හිමිවෙයි. වත්මන් පාලක පක්ෂය වන්නේ ‘කොන්සවර්ටිව්’ පක්ෂයයි.
තමන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරයට පත් වුවහොත් පළමුවෙන්ම කරන්නේ යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ට ඇමැතුමක් දී රුසියන් ආක්‍රමණයට මුහුණ දෙන යුක්රේනයට දිගටම සහාය පළ කිරීම යැයි ලිස් ට්‍රස් අවධාරණය කර තිබේ.
(රොයිටර්)