අමෙරිකාවේ නාසා ආයතනය අගහරු ග්‍රහයා මතට යවන නවතම රෝවර් යානය රැගත් ඇට්ලස් 5 රොකට් යානය මීට සුළු මොහොතකට පෙර ෆ්ලොරීඩාහි කේප් කැනවරල් තුඩුවෙන් අභ්‍යාවකාශ ගතකරනු ලැබීය.
අඟහරු ග්‍රහයාගේ අතීත ජීවය ගවේෂණය කෙරෙන මෙම මෙහෙයුම සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 2.4ක් වැය කෙරේ.
මෝටර් රථයක විශාලත්වයට සමාන මෙම රෝවර් යානය රෝද 6 කින් සමන්විත වන අතර එය කුඩා හෙලිකොප්ටර් යානයක් මඟින් අඟහරු ග්‍රහයා මතුපිටට ගොඩබැස්වීමට සැලසුම් කර ඇත.
ලබන වසරේ පෙබරවාරි මාසයේදී යානය අඟහරු වෙත ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
නාසා ආයතනය සිදුකරන 9 වැනි අඟහරු මෙහෙයුම මෙය වන අතර මෙම මාසයේ ක්‍රියාත්මක කළ තෙවැනි අඟහරු මෙහෙයුම මෙය වේ.
එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ චීනය ද මෙම මාසයේ දී අඟහරු වෙත මෙහෙයුම් ක්‍රියාවට නංවනු ලැබීය.
-226-
(රොයිටර් ඇසුරෙනි)