අඟහරු ගිය ඉන්දීය යානයේ මෙහෙයුම් අවසන්


ඉන්දියාව අඟහරු ගවේෂණයට යැවූ පළමු රොබෝ යානයේ මෙහෙයුම් කටයුතු අවසන් වූ බව ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ඒජන්සිය පවසයි. යානයේ මෙහෙයුම් අවසන් වූයේ එහි ආයු කාලය අවසන් වී අක්‍රිය වීමෙන් පසුවය.

‘මංගල්‍යාන්’ යන නමින් නම් කළ මෙම රොබෝ යානය ඉන්දියාව විසින් අඟහරු බලා පිටත් කර හැරියේ 2013 වසරේදීය. රොබෝ යානය 2014 සැප්තැම්බර් 24 වැනිදා අඟහරු කක්ෂයට ඇතුළු විය.

යානය, අඟහරු කක්ෂයේ රැඳවීම ඉන්දියාව ලැබූ විශාල ජයග්‍රහණයක් විය. අඟහරු කක්ෂයේ රැඳී සිටිමින් අඟහරු වායුගෝලය පිළිබඳ වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට ‘මංගල්‍යාන්’ සමත් විය.

(එන්.ඩී.ටීවී.)