අඟහරු ගිය නාසා යානය ඔක්සිජන් හදලා


අඟහරු වායුගෝලයේ ඇති කාබන්ඩයොක්සයිඩ් වායුව ඔක්සිජන් බවට පරිවර්තනය කිරීමට අඟහරු ග්‍රහයාට යැවුණු ‘පර්සිවියරන්ස්’ රොබෝ යානය සමත් වුණු බව නාසා ආයතනය ඊයේ (22) පැවැසීය.

අඟහරු වායු ගෝලයේ කාබන් ඩයොක්සයිඩ් උරා ගනිමින්, ඒවායින් ඔක්සිජන් නිපදවීමක් කළ පළමු ඓතිහාසික අවස්ථාව මෙයයි. 

එපමණක් නොව, පෘථිවි විද්‍යාඥයන්, විශ්වයේ ග්‍රහලොවක ඔක්සිජන් නිපදවීමක් කළ පළමු අවස්ථාව වන්නේ ද මෙයයි.

‘පර්සිවියරන්ස්’ යනු රෝද හයකින් සමන්විත රොබෝ රෝවර් යානයකි. මෙම යානය අඟහරු මතට පතිත කළේ පසුගිය පෙබරවාරියේය.

‘පර්සිවියරන්ස්’ අති නවීන තාක්ෂණයෙන් නිපදවන ලද උපාංග රැසකින් සමන්විත වෙයි.

කාබන්ඩයොක්සයිඩ් මගින් ඔක්සිජන් නිපදවීමට, ‘මොක්සි’ යන කෙටි නමින් විශේෂ උපාංගයක්, ‘පර්සිවියරන්ස්’ රෝවරයට සවි කර තිබේ.

මෙම උපාංගය ප්‍රමාණයෙන් කාර් බැටරියක් තරම්ය. මෙය සවි කර ඇත්තේ ‘පර්සිවියරන්ස්’ රෝවරයේ දකුණු දෙසිනි. ‘මොක්සි’ උපකරණය ගසක් වැනිය.

ගසක ප්‍රභාසංස්ලේෂණය සිදුවන අයුරින් කෘත්‍රිමව ‘මොක්සි’ උපකරණයෙන් කාබන්ඩයොක්සයිඩ් මගින් ඔක්සිජන් නිපදවීම සිදු කෙරේ.

නාසා ආයතනයේදීය (රොයිටර්)