අඟහරු වායු ගෝලයෙන් කාබන් ඩයොක්සයිඞ් හමුවේ


අඟහරු ග්‍රහයාගේ වායු ගෝලයේ කාබන් ඩයොක්සයඩ් ඇතැයි නාසා විද්‍යාඥයෝ පවසති.

නාසා විද්‍යාඥයෝ මේ බව අනාවරණය කරගෙන ඇත්තේ අභ්‍යවකාශයේ රඳවා ඇති ‘ජේම්ස් වෙබ්’ දුරේක්ෂයේ ආධාරයෙනි. පෘථිවියෙන් එපිට ග්‍රහලොවකින් කාබන් ඩයොක්සයිඩ් හමුවුණු පළමු අවස්ථාව මෙයයි.

‘ජේම්ස් වෙබ්’ යනු අති නවීන තාක්ෂණයෙන් නිපදවූ දුරේක්ෂයකි. ඇමෙරිකාවේ නාසා ආයතනය, කැනඩා අභ්‍යවකාශ ආයකනය සහ යුරෝපා අභ්‍යවකාශ ආයතනය එක් වී නිපදවූ දුරේක්ෂයකි. මිනිසා අභ්යකවකාශයට යැවූ විශාලතම අභ්‍යවකාශ දුරේක්ෂය වන්නේ ද මෙයයි. දුරේක්ෂය නිපදවීමට වැයවුණු මුදල අඅමෙරිකන් ඩොලර් බිලියන 10 කට ආසන්නය.

‘ජේම්ස් වෙබ්‘ දුරේක්ෂය, කාලය සහ අවකාශය අතරේ විහිදෙන ආලෝකය අල්ලා ගැනීමට එසේත් නැතිනම් හසුකර ගැනීමට හැකියව අයුරින් අති නවීන තක්ෂණයෙන් නිපදවූවකි. ඒ අනුව, එම ආලෝකයේ මුල මැද සහ අවසානය පැහැදිලිව හඳුනා ගැනීම කළ හැකි වෙයි.

‘ජේම්ස් වෙබ්’ අඟහරු ඡායාරූපයට නැගූ අතර එහිදී ලබා ගත් ඡායාරූප අනුව විද්‍යාඥයන්ට පෙනී ගියේ අඟහරු වායු ගෝලයේ කාබන් ඩයොක්සයිඩ් ඇති බවය.

(රොයිටර්)