වසර අටකට පසු අයිස්ලන්තයෙන් හිමි වලසකු දකින්න ලැබුණු බවත්, අයිස්ලන්ත පොලිසිය එම හිම වලසාට වෙඩි තබා මරා දමා ඇති බවත් පරිසරය සුරැකීම සහ සත්ව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ජගත් සංවිධාන චෝදනා නගයි.
වලසා දකින්න ලැබී ඇත්තේ අයිස්ලන්තයේ හුදෙකලා ගම්මානයක් අසලිනි. වලසා ගම්මානය අසල ගැවසෙනු දුටු පොලිස් නිලධාරීන් ගම්වැසියන්ගේ ආරක්ෂාව ගැන සිතා ඌට වෙඩි තබා ඇතැයි ද පැවැසෙයි.
හිම වලසුන් අයිස්ලන්තයේ දකින්න නොලැබෙයි. අවසන් වරට අයිස්ලන්තයෙන් හිමි වලසකු දකින්න ලැබුණේ 2016 වසරේදී යැයි ද පැවැසෙයි. මරා දැමුණු හිම වලසා ගැහැනු සතකු බවත්, ඌ අසල්වැසි ග්රීන්ලන්තයේ අයිස් කුට්ටියක නැගී සහ පිහිනමින් අයිස්ලන්තයට පැමිණෙන්න ඇතැයි අනුමාන කෙරේ.