අතුරු මැතිවරණයට රාහුල් වෙනුවට ප්‍රියංකා


කේරළ ප්‍රාන්තයේ වයනාද් ආසනය වෙනුවෙන් පැවැත්වෙන අතුරු මැතිවරණයට රාහුල් ගාන්ධි වෙනුවට කොංග්‍රස් පක්ෂයෙන් ප්‍රියංකා ගාන්ධි ඉදිරිපත් වනු ඇතැයි ඉන්දියාවේ විපක්ෂ දේශපාලන කණ්ඩායම වන ‘කොංග්‍රස් පක්ෂය’ තීරණය කර තිබේ.

52 හැවිරිදි ප්‍රියංකා දශක දෙකක පටන්, ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ දේශපාලන ප්‍රචාරක කටයුතුවල නියැලෙයි. ඇය මේ වනවිට කොංග්‍රස් පක්ෂ සංවිධායකවරියක ලෙස ක්‍රියා කරන්නීය. මනෝවිද්‍යාව පිළිබඳ උපාධියක් සහ බෞද්ධ අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබා ඇත. ඇය ව්‍යාපාරික රොබට් වද්‍රා සමග විවාහ වී සිටින අතර ඇයට දරුවන් දෙදෙනකු සිටී.

සිය වැඩිමල් සොහොයුරා සහ මව සෝනියා සමඟ එක් වී, ප්‍රියංකා දේශපාලන කරළියට පිවිසියේ 2004 ලෝක්සභා මැතිවරණයෙනි. එම වසරේ ඇය සොහොයුරු රාහුල් වෙනුවෙන් සහ මව සෝනියා වෙනුවෙන් මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නියැලුණාය.

නිමාවට පත්වුණු මහ මැතිවරණයේ දී රාහුල් ගාන්ධි කේරළ ප්‍රාන්තයේ වයනාද් ආසනය වෙනුවෙන් පමණක් නොව, උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ රායි බරේලි ආසනය වෙනුවෙන් ද තරග වැදුණේය. එම ආසන දෙකම ජයග්‍රහණය කිරීමට රාහුල් සමත් විය.

(එන්.ඩී.ටීවී.)