අධික උෂ්ණත්වය හේතුවෙන් ජපානයේ ටෝකියෝවේ පුද්ගලයන් 28 දෙනෙකු මරණයට පත්වී ඇතැයි බලධාරීහු පවසති.
අගෝස්තු 12 වැනිදා සිට 19 දක්වා වන දින අටක කාලය තුළ මෙම මරණ වාර්තා වී ඇත.
ඒ අනුව අධික උෂ්ණත්වය හේතුවෙන් මෙම මාසයේ මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව 131 දක්වා ඉහළ ගොස් තිබේ.
මිය ගිය පුද්ගලයින් 28 දෙනා අතරින් 11 දෙනෙක් 70 හැවිරිදි වියේ පසුවූවෝ වෙති.
10 දෙනෙකු 80 හැවිරිදි වියේ පසුවන්නන් බව සෞඛ්‍ය බලධාරීහු ප්‍රකාශ කළහ.
ඒ අනුව මරණයට පත්වූ පුද්ගලයන් අතරින් 80% අවම වශයෙන් 70 හැවිරිදි වියේ පසුවෙති.
පුද්ගලයන් 11 දෙනෙකු රාත්‍රියේ මියගොස් ඇති බව වාර්තා වී ඇත.
මිය ගිය අය අතරින් 25 දෙනෙකු වායු සමීකරණ භාවිත කර නොමැත.
එබැවින් රාත්‍රී කාලයේ වායු සමීකරණ යන්ත්‍ර භාවිත කරන ලෙස සෞඛ්‍ය සේවා බලධාරීහු ජනතාවට උපදෙස් දී ඇත.
උෂ්ණත්ව වාර්තා සටහන් කිරීම ආරම්භ කර 1998 වසරේ සිට ජපානයට බලපෑ උෂ්ණත්වයේ සාමාන්‍ය අගයේ ඉහළම මට්ටම පසුගිය වසරේදී වාර්තා විය.
නගානෝ, ගිෆු ,නාරා, කොචී සහ මියසැකි ප්‍රදේශවලින් මෙම සතියේ සෙල්සියස් අංශක 39 වැඩි උෂ්ණත්වයක් වාර්තා විය.
226
එන්.එච්.කේ ඇසුරෙනි