ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයක, ඉදිකිරීම් කටයුතු සිදුවන අතරතුරේ දොඹකරයක් කඩා වැටීමෙන් 16 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
තුවාල ලැබූ 7 දෙනකු රෝහල් ගත කෙරුණි. සුන්බුන් අතරේ සිරවුණු පිරිස් බේරා ගැනීමට මහත් පරිශ්‍රමයක් දැරීමට ද සිදුවිය.
කඩා වැටුණේ ලෝහ කුලුනු එසවීමට භාවිතා කළ දොඹකරයකි.
මියගියේ සහ තුවාල ලැබුවේ ඉදිකිරීම් කටයුතුවල නියැලි පිරිස්ය.