අනවසර සංක්‍රමණිකයන් පටවා ගත් ට්‍රස් රථයක්, දකුණු මෙක්සිකෝවේ දී පෙරැළී අනතුරට පත් වීමෙන්, සංක්‍රමණිකයන් 10 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. අනතුරට පත් වෙද්දී ට්‍රක් රියේ සැඟවී ගමන් කළ සංක්‍රමණිකයන් ගණන 25 කි.
අනතුර සිදුවුණු බව පැවැසෙන්නේ චියාපාස් ප්‍රාන්තයේය. මෙම ප්‍රාන්තය පිහිටා ඇත්තේ ගෞතමාලා රාජ්‍යයට යාබදවය. මියගිය පිරිස කියුබානු ජාතිකන් බව ද පැවසෙයි.
කාන්තාවන් සහ කුඩා දරුවන් ද මියගිය පිරිස අතරේ සිටින බව මෙක්සිකෝ බලධාරීහු පවසති.
(අල් ජසීරා)