අනවසර සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් පෙරැළෙයි


බටහිර අප්‍රිකාවේ වෙරළේ මොරිෂානියාවට ඔබ්බෙන් මුහුදේ දී අනවසර සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් අනතුරට පත් විය. එයින් 15 දෙනෙකු මියගිය බවත්, 150 කට වැඩි පිරිසක් අතුරුදන් බවත් විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

එක්සත් ජාතීන්ගේ සංක්‍රමණ ඒජන්සියට අනුව, මොරිෂානියා වෙරළාරක්ෂකයන් බෝට්ටුවේ සිටි අයගෙන් 120 දෙනකු පමණ බේරාගෙන ඇති බව ද පැවැසෙයි. බේරාගත් 10 දෙනකුගේ තත්ත්වය බරපතල යැයි ද වාර්තා වේ.

(ඒ.එෆ්.පී.)