අපරාධකාරයෙක් ඇමෙරිකාවේ හිරෙන් පැනලා


ඇමෙරිකාවේ, චෙස්ටර් ප්‍රාන්ත බන්ධනාගාරයෙන්, පලා ගිය දරුණු අපරාධකරුවකු සොයමින් සෝදිසි මෙහෙයුම් ආරම්භ කර තිබේ.

ඩැනියෙලෝ කැවෙල්සැන්ටේ නමැති මෙම අපරාධකරු මිනීමැරුම් චෝදනා සම්බන්ධයෙන් වරදකරු වී සිරදඬුවම් නියම වූ අයෙකි. මොහු බන්ධනාගාරයෙන් පලා ගොස් ඇත්තේ මීට දින කීපයකට පෙරය.

කෙසේ නමුත්, ඩැනියෙලෝ කැවෙල්සැන්ටේ, පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ පිලිඩෙල්පියා නගරය සහ ඒ අවට ගැවසෙන බව පොලිසියට දැන ගන්න ලැබී ඇත.

ඒ අනුව, නගරයේ සහ ඒ අවට පාසල් වසා දමා ඇති බව, නිවැසියන්ට දැනුම් දී ඇත්තේ නිවෙස්වලට වී සිටින ලෙසය. බ්‍රසීල ජාතික සම්භවයක් ද ඇති ඩැනියෙලෝ කැවෙල්සැන්ටේ සෙවීමේ සෝදිසි මෙහෙයුම් දිගටම සිදුවෙයි.