සුඩානය තව දුරටත් අප්‍රිකා සංගමයේ සාමාජික රටක් නොවන බව, අප්‍රිකා සංගමය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. අප්‍රිකා සංගමය සුඩානයට මෙසේ විරෝධය දක්වා ඇත්තේ සුඩාන හමුදාව කුමන්ත්‍රණයකින් එරට බලය අල්ලා ගැනීම සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කරමිනි.
කඩිනමින් පැවැති සිවිල් අන්තර්වාර රජය යළි පිහිටුවන්නැයි ද යුරෝපා සංගමය සුඩානයේ හමුදා කුමන්ත්‍රණය මෙහෙයවූ හමුදා ප්‍රධානී ජනරාල් ෆාතා අල් බුරාන් දන්වා ඇත. තමන් කුමන්ත්‍රණය කරමින් බලය නොගත්තා නම්, සුඩානයේ සිවිල් යුද්ධයක් ඇතිවීමට ඉඩ තිබුණු බව හමුදා ජනරාල්වරයා පැහැදිලි කර තිබේ.
(ඒ.එෆ්.පී.)