මාලි රාජ්‍යයෙන් පෝලියෝ වසංගත තත්ත්වයක් වාර්තා වේ. මාලි අප්‍රිකා රාජ්‍යයකි. අප්‍රිකා රාජ්‍යයකින් මෙසේ පෝලියෝ වසංගතයක් වාර්තා වන්නේ වසර 3 කට පසුව යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පැහැදිලි කර තිබේ.
වයිරස වසංගතය පැතිර යෑම ආරම්භ වී ඇත්තේ ලිනොග්වේ නමැති නගරය කේන්ද්‍රකොට ගනිමිනි.
මෙම නගරයේ දරුවකු පෝලියෝ ආසාදිතයකු බවට පත් වී ඇත්තේ පාකිස්තානයෙන් යැයි පැවැසෙයි. පාකිස්තානයේ තවමත් පෝලියෝ ව්‍යාප්තිය සිදුවෙයි.
අප්‍රිකාව පෝලියෝ තුරන් කළේ 2020 අගෝස්තු මාසයේදීය. ඉන්පසු පෝලියෝ ආසාදිතයකු ගැන වාර්තා වූ පළමු අවස්ථාව මෙයයි.
‘ලෝකයේ එක් රටක හෝ පෝලියෝ තිබෙනවා නම්, සෑම රටක්ම අනතුරේ බව අප සිහියට ගන්න ඕනෑ‘ යැයි මට්ෂිඩිෂෝ මොයේටි මාධ්‍ය හමුවේ පවසා තිබේ.
(අල් ජසීරා)