ඇමෙරිකාව සහ චීනය ප්‍රතිවාදීන් නොව, සැමවිටම මිතුරන් සහ හවුල්කරුවන් ලෙස සිටිය යුතු බව චීන ජනාධිපති ෂී ජින්පින් අවධාරණය කර ඇත.
චීන ජනාධිපතිවරයා මෙසේ අවධාරණය කළේ චීනයේ නිල සංචාරයකට ගොස් සිටින ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් හමුවී සාකච්ඡා කරමිනි.
සාකච්ඡා පැවැත්වූයේ චීනයේ බෙයිජීං අගනුවරය.
ඇමෙරිකාව සහ චීනය එකිනෙකාට ගෞරවයෙන් කටයුතු කළ යුතු බවත්, සාමකාමීව දෙපාර්ශ්වයටම වාසි වන ආකාරයට සහයෝගයෙන් සිටිය යුතු බවත් චීන ජනාධිපතිවරයා වැඩි දුරටත් පැහැදිලි කළේය.