අභ්‍යවකාශ කටයුතුවලටත් බාධා


යුක්රේන හමුදා ආක්‍රමණයට එරෙහිව, ඇමෙරිකාව ඇතුළු යුරෝපා රටවල් රුසියාවට පනවා ඇති සම්බාධක හේතුවෙන් ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළේ කටයුතුවලට පමණක් නොව, ඉදිරියේ දී රුසියාව හවුල් කර ගනිමින් සිදු කිරීමට නියමිත විශ්ව ගවේෂණ කටයුතු ද අඩපණ වනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම සම්බාධක හේතුවෙන් බාධා එල්ල වී ඇතැයි රුසියන් අභ්‍යවකාශ ආයතනය හෙවත් 'රොස්කොස්මොස්' ආයතනය නිකුත් කළ නිවේදනයක් උපුටා දක්වමිනි.

දේශපාලනික වශයෙන් කුමන ආකාරයේ බෙදීමක් පැවැතියත්, අභ්‍යවකාශ කටයුතු සම්බන්ධයෙන් ඇමෙරිකාවේ 'නාසා' ආයතනය සහ රුසියාවේ රොස්කොස්මොස්' ආයතනය අතර පැවැතියේ සමීප සම්බන්ධයකි.

කෙසේ නමුත්, ඉදිරියේ දී එය වෙනස් වනු ඇති බවත්, රුසියාවට ඔවුන්ගේ අභ්‍යවකාශ කටයුතු සඳහා චීනය හවුල් කර ගැනීමට සිදුවනු ඇති බවත් පැවැසෙයි.

(රොයිටර්)