අයර්ලන්ත පාර්ලිමේන්තුවේ අද පැවති විශේෂ රැස්වීමකදී මිචෙල් මාටින් මහතා නව අගමැතිවරයා ලෙස පත් වී ඇත.
ඡන්ද විමසීමේදී ඔහුට පක්ෂව මන්ත්‍රීවරුන් 93 දෙනෙකු ඡන්දය පළකළ අතර ඔහුට විරුද්ධව හිමි වූ ඡන්ද සංඛ්‍යාව 63 කි.
59 හැවිරිදි ඒ මහතා 2011 වසරේ සිට ෆියානා ෆායිල් පක්ෂයේ නායකත්වය දැරීය.
මිචෙල් මාටින් මහතා 2021 වසර දක්වා අගමැති ධූරයේ කටයුතු කරනු ඇත.
එරට පැවති සිවිල් යුද්ධයේ ප්‍රතිවාදීන් වූ ෆියානා ෆායිල් සහ ෆයින් ගේල් පක්ෂ එක්ව ආණ්ඩුවක කටයුතු කරන ප්‍රථම අවස්ථාව මෙය වෙයි.
පසුගිය පෙබරවාරි 08 වැනිදා පැවති එරට මහ මැතිවරණයේදී කිසිදු පක්ෂයක් බහුතර බලයක් ලබාගැනීමට අපොහොසත් වූ බැවින් තනිව ආණ්ඩුවක් පිහිටුවීමට කිසිදු පක්ෂයකට නොහැකි වුණි.
ඒ අනුව සභාග ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වන සාකච්ඡා කෙරෝනා වසංගතය හේතුවෙන් කල් දැමීමට සිදු විය.
මෙම මස මුලදී ප්‍රධාන පක්ෂ තුනේ නායකයෝ සභාග ආණ්ඩුවක් පිහිටුවීමට එකගතාව ඇතිකර ගත් අතර ඉන් අනතුරුව මිචෙල් මාටින් මහතා නව අගමැතිවරයා ලෙස පත් විය.
බීබීසී ඇසුරෙනි
226