අයර්ලන්තයේ පාසල් - විශ්ව විද්‍යාල වසා දමයි


කොරෝනා වයිරසය පැතිරීම හේතුවෙන් අයර්ලන්තයේ පාසල් , විශ්ව විද්‍යාල සහ පොදු ස්ථාන අද (12) සිට වසා දමා ඇත.

අයර්ලන්ත අගමැති තාඕසීච්ලියෝ වර්ඩ්කාර් පැවසුවේ මෙම පියවර මාර්තු 29 වැනිදා දක්වා ක්‍රියාත්මක වන බවයි.

කෙසේ වුවද කඩ සාප්පු විවෘතව පවතින අතර පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක බව ඔහු පවසයි.

අයර්ලන්තයේ කොරෝනා වයිරසයට සම්බන්ධ පළමු මරණය ඊයේ වාර්තා වීමෙන් පසුව මෙම පියවර ගෙන ඇත.

අද (12) උතුරු අයර්ලන්තයෙන් නව රෝගීන් දෙදෙනෙකු හඳුනාගෙන ඇති අතර මේ වනවිට අයර්ලන්තයේ මුළු රෝගින් සංඛ්‍යාව 20 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

බ්‍රිතාන්‍යයේ කොරෝනා වෛරස රෝගය වැළඳුණු තවත් දෙදෙනෙකු අද මියගොස් ඇති අතර, මුළු මරණ සංඛ්‍යාව 10 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වන විට බ්‍රිතාන්‍යයේ තහවුරු වී ඇති රෝගීන් සංඛ්‍යාව 596 කි.

(බීබිසී ඇසුරිණි - 085)