ජාත්‍යන්තර බැඳුම්කර වෙළෙඳපොලෙන් ආධාර ලබා ගැනීමට මෙන්ම විදේශ වාණිජ බැංකු වලින් කෙටි කාලින ණය ලබාගැනීමට ද පාකිස්තානය අපොහොසත් වී ඇතැයි එරට මුදල් අමාත්‍ය මිෆ්ටා ඉස්මේල් පවසයි.
එහෙයින්, පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ යෑමට නම්, පාකිස්තානයේ එකම විකල්පය වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පමණක් යැයි ද මුදල් අමාත්‍යවරයා වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.
පාකිස්තානයේ ඩොලර් බැඳුම්කර මේ මාසයේ වාර්තාගත ලෙස පහත වැටුණු අතර ඉන්ධන මිල වැඩි කිරීමත් සමඟ යම් ප්‍රමාණයකට වැඩි වූ බව ද පැවැසෙයි.
ඉන්ධන මිල වැඩි කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය නැවත ලබාගැනීම ආරම්භ කිරීම සඳහා නිර්දේශයක් බව පකිස්තාන රජය ප්‍රකාශ කළේය.
‘සෞදි අරාබි රාජ්‍ය සහ අනෙකුත් මිත්‍ර රාජ්‍යයන් ණය ලබාදීමට සුදානම් වුවත් ඔවුන් සියල්ල ප්‍රකාශ කර සිටියේ ප්‍රථමයෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට යා යුතු බව‘ යැයි මුදල් අමාත්‍ය මිෆ්ටා ඉස්මේල් පෙන්වා දී තිබේ.
මෙම ජූනි මස ආරම්භ වන මුදල් වර්ෂය සඳහා පාකිස්තානයට ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 36-37 ප්‍රමාණයක් අවශ්‍ය වන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහනක් ලබා ගැනීම තුලින් ලෝක බැංකුව සහ චීනය ඇතුළු මිත්‍ර රටවලින් ණය ලබා ගැනීමට පාකිස්තානයට හැකියාව ලැබෙන බව අමාත්‍ය මිෆ්ටා ඉස්මේල් පැහැදිලි කළේය.
(එන්.ඩී.ටීවී.)