අයි.එම්.එෆ් ණය පාකිස්තානයට


ඇමෙරිකන් ඩොලර් බිලියන 3 ක ණය මුදලක් පාකිස්තානයට ලබා දීමට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය ලබා දුන් බව විදෙස් මාධ්‍ය පවසයි.

එම ණය මුදලේ පළමු වාරිකය ලෙස ඩොලර් බිලියන 1.2 ක මුදලක් පාකිස්තාන රජයට ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කටයුතු කරනු ඇති බවත්, මාස 9 කින් ඉතිරි මුදල ලබා දීම සිදුවනු ඇති බවත් පැවැසෙයි.

මෙම ණය මුදලත් සමඟ පාකිස්තානයේ විදෙස් සංචිත ඩොලර් බිලියන 15 තෙක් ඉහළ යනු ඇතැයි පාකිස්තාන රජය පවසයි.

පසුගිය ජූනි මාසයේ පාකිස්තානයේ පොලී අනුපාතය සියයට 22 කින් ඉහළ ගියේය. මෙය වාර්තාගත ඉහළ යෑමකි. උද්දමනය මේ වනවිට සියයට 30 ට ආසන්න වී ඇතැයි ද පැවැසෙයි.