අයිවරි කෝස්ට් රාජ්‍යයේ අග්‍රාමාත්‍යවරයා මියයයි


 

 

අයිවරි කෝස්ට් රාජ්‍යයේ අග්‍රාමාත්‍ය අමාඩෝ ගොන් කුලිබාලි මහතා මියගොස් ඇතැයි එරට ජනාධිපති ඇලසේ න් ඔටාරා මහතා පවසයි.

 

අමාඩෝ මහතා මියයන විට 61 වන වියේ පසුවිය.

 

ඔහු ඔක්තෝබර් මාසයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා පාලක පක්ෂයේ අපේක්ෂකයා ද විය.

 

2012 වර්ෂයේදී අමාඩෝ මහතාට හෘද සැත්කමක් සිදුකර ඇති අතර වෛද්‍ය පරීක්ෂණ සඳහා ප්‍රංශයට ගොස් පැමිණීමෙන් දින හයකට පසු අභාවය සිදුවී තිබේ.

 

අග්‍රාමාත්‍ය ධූරයට පත්වීමට පෙර අමාඩෝ මහතා ජනාධිපති ලේකම් ධූරයේ වසර 5ක් කටයුතු කර ඇති අතර කෘෂිකර්ම ඇමැති ලෙස ද කටයුතු කර තිබේ.

 

අමාඩෝ මහතාගේ අභාවයෙන් පසු පාලක පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වීම සඳහා තියුණු තරගයක් ඇතිවීමට ඉඩ තිබෙන බව විචාරකයෝ පවසති.

 

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)