අයස්ලන්තයේ මහ මැතිවරණය ඊයේ (25) පැවැත්විණි.
මැතිවරණය ප්‍රතිඵලය තරමක් අවුල් සහගත එකක් වනු ඇතැයි පැවසෙන අතර ඡන්ද විමසීමේ ප්‍රතිඵල අද (26) නිකුත් වීමට නියමිත ය.
මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වූ පක්ෂවලින්, පක්ෂ නවයක් පාර්ලිමේන්තුවට තේරී පත්වනු ඇතැයි ද එය වාර්තාගත පක්ෂ ගණනක් යැයි ද පැවසේ.
මේ තත්ත්වය හේතුවෙන් දේශගුණික විපර්යාස, සෞඛ්‍ය හා සුවසේවා යනාදිය සම්බන්ධයෙන් පොදු එකඟතාවක් ඇති කරගැනීම දුෂ්කර වනු ඇතැයි ද දේශපාලන විචාරකයෝ පෙන්වාදෙති.
අයිස්ලන්තයේ ජනගහනය 371,000ක් වන අතර වසර ගණනාවක් දේශපාලන අස්ථාවරත්වයෙන්, දේශපාලන කලබගෑනි සහ දූෂණ අක්‍රමිකතාවලින් බැටි කෑවේ ය.
විශේෂයෙන්ම 2008 වසරේ ඇති වූ ගෝලීය මූල්‍ය අර්බුදයෙන් පසු අයිස්ලන්තය අර්බුද ගණනාවකට මුහුණ දුන්නේ ය.
කෙසේ නමුත් පාලක වාමාංශික-දක්ෂිණාංශික සන්ධානය හේතුවෙන් 2017 වසරේ සිට අයිස්ලන්තය තුළ යම් ආකාරයක ස්ථාවරත්වයක් ගොඩනැගෙමින් තිබිණි.
(රොයිටර්)