මතභේදයට ලක් ව ඇති අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය ඉන්දියාවේ කොටසක් ලෙස පිළිගන්නා බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ.
කෙසේ නමුත් චීන දේශසීමාවට යාබඳව පිහිටි අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය ටිබෙටයේ කොටසක් බැවින් එය චීනයට අයත් බවට චීන ආරක්ෂක අමාත්‍යාංශය පවසා ඇත.
පසුගිය දා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේ සංචාරයක ද නියැලිණි. ඒ, එම ප්‍රාන්තය ඉන්දියාවට අයත් බව තහවුරු කරමිණි.
ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව, අරුණාචල් ප්‍රන්තය සම්බන්ධයෙන් මෙසේ නිවේදනයක් නිකුත් කර ඇත්තේ ඉන්දියාවට සහාය දක්වමිනි.