අල් කයිඩා නායක අයිමාන් අල් සවාහීරී වීඩියෝ පණිවුඩයක් හරහා ඉන්දියාවට අනතුරු අඟවා තිබේ. අල් කයිඩා නායකයා ඉන්දියාවට අනතුරු ඇඟවූයේ ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ පාසලක බාලිකාවන්ගේ හිජාබය තහනම් කිරීමට එම ප්‍රාන්තයේ හින්දු අන්තවාදීන් බලධාරීන් පියවර ගෙන ඇති බැවිනි.
කර්ණාටක ප්‍රාන්තයේ බලයේ සිටින්නේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයයි. හිජාබය තහනම් කිරීමට ප්‍රාන්ත බලධාරීන් සහ පාසල් බලධාරීන් පියවර ගත් අවස්ථාවේදී මුෂ්කාන් ඛාන් නමැති සිසුවිය හිජාබයකින් සැරැසී පාසලට පැමිණ සිය අයිතිය වෙනුවෙන් තනිවම හඬ නගයි. මෙම වීඩියෝ දසුන් සමාජ මාධ්‍ය ඔස්සේත් ඉන්දීය පුවත් නාළිකා ඔස්සේත් ප්‍රසිද්ධියට පත් වී තිබේ.
අල් කයිඩා නායක අයිමාන් අල් සවාහීරී ඉන්දියාවේ හින්දු ජාතිකවාදීන්ට අනතුරු අඟවා ඇත්තේ මුෂ්කාන් ඛාන් ද පැවැසුමට ලක් කරමිනි. ඉන්දීය හින්දු ජාතිකවාදී රජය එරට මුස්ලිම්වරුන් මර්දනය කරන බවට අල් කයිඩා නායකයා චෝදනා මිනිත්තු 9 ක වීඩියෝවකින් පෙනී සිටිමිනි.
අයිමාන් අල් සවාහීරී අල් කයිඩා ත්‍රස්ත සංවිධානයේ නායකත්වයට පත් වූයේ 2011 වසරේ අල් කයිඩා නායකයා වී සිටි ඔසාමා බින් ලාඩන්ගේ මරණයෙන් පසුවය. ඇමෙරිකන් නේවි සීල් භටයන් බින් ලාඩන් ඝාතනය කළේ ඔහු පාකිස්තානයේ ඇබොට්ටාබාද් නුවර සැඟවී ජීවත් වෙද්දීය.
වීඩියෝ පණිවුඩය හරහා ඉන්දියාවට පමණක් නොව, අයිමාන් අල් සවාහීරී ප්‍රංශයට, හෝලන්තයට සහ ස්විට්සර්ලන්තයට පමණක් නොව මොරොක්කෝවටත් ඊජිප්තුවටත් අනතුරු ඇඟවීය. ඒ එම රටවල් හිජාබය තහනම් කිරීමට පියවර ගැනීම සම්බන්ධයෙනි.
(ඩේලිමේල්)