රුසියානු හමුදාවේ පාලනය යටතේ පැවතෙන කර්සන් පළාත, ඩොනෙට්ස්ක් සහ ලුහාන්ස්ක් යන ඩොන්බාස් ජනරජවල සහ රුසියාවේ හමුදා පාලනය යටතේ පවතින සැපරොෂ් පළාතේ කොටස් රුසියාවට එකතු වීම සඳහා ජනමත විචාරණයක් අද (23) ආරම්භ කළේය.
පුරා දින 5 ක් මෙම ජනමත විචාරණය පැවැත්වෙන අතර එහිදී රුසියානු භූමියක් ලෙස එකතු වීමට ගත් තීරණය සම්බන්ධයෙන් කැමැත්ත අකමැත්ත ප්‍රකාශ කිරීමට එම ප්‍රදේශ වල ජනතාවට අවස්ථාව ලැබෙන බව පැවසෙයි.
ලබන අඟහරුවාදා දින අවසන් වන ජනමත විචාරණයේ මූලික වටයේ ප්‍රථිපල බදාදා දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
ඩොනෙට්ස්ක් සහ ලුහාන්ස්ක් යන ඩොන්බාස් ජනරජ 2014 වසරේදී යුක්රේනයෙන් වෙන් වූ අතර ඉකුත් පෙබරවාරි මාසයේ රුසියාව, ඩොනෙට්ස්ක් සහ ලුහාන්ස්ක් ස්වාධීන රාජ්‍ය ලෙස පිළිගත්තේය.
(බීබීසී)