අලි ඇතුන් 20,000 ක් ජර්මනියට යවනවා යැයි බොට්ස්වානා ජනාධිපති ජර්මන් පරිසර අමත්‍යාංශයට තර්ජනය කර තිබේ. බොට්ස්වානා ජනාධිපති මොක්ගුවේට්සී මසීසී, ජර්මන් පරිසර අමත්‍යාංශයට තර්ජනය කළේ, බොට්ස්වානා රාජ්‍යයේ අලි ඇතුන් සම්බන්ධයෙන්, පරිසර අමත්‍යාංශය කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමිණි.
දකුණු අප්‍රිකාවට අයත් බොට්ස්වානා රාජ්‍යය අලි ඇතුන් නිසා අර්බුදයකට මුහුණ දෙන රාජ්‍යයකි. ඒ, බොට්ස්වානා වනාන්තරවල අලි ඇතුන් ගහණය පමණ ඉක්මවා ගොසිනි. ලෝකයේ අලි ඇතුන් ග්‍රහණයෙන් තුනෙන් එකක් ජීවත් වන්නේ බොට්ස්වානා රාජ්‍යයේ යැයි පැවැසෙයි. බොට්ස්වානා රජයට අනුව එරට අලි ඇතුන් ගහණය 1,30,000 කි.
අලි ඇතුන් ගහනය අඩු කිරීමට, පසුගිය වසරවල බොට්ස්වානා රජය, එරට අලි ඇතුන් 8,000 ක් අසල්වැසි අප්‍රිකා රටක් වන ඇන්ගෝලාවටත්, තවත් අලි අතුන් සිය ගණනක් මොසැම්බික් රාජ්‍යයටත් ලබා දී ඇත.
අලි ඇතුන් දඩයම් කිරීමට බොට්ස්වානා රජය, බටහිර යුරෝපා රටවල වැසියන්ට අවසර දී ඇති නමුත් ජර්මනිය සහ මහා බ්‍රිතාන්‍ය ආදී රටවල් බොට්ස්වානා රාජ්‍යයේ අලි ඇතුන් ඝාතනයට විරෝධය පළ කර තිබේ. ඊට අමතරව, එමෙන්ම, අලි ඇතුන්ගේ හිස්, අස්ථි සහ සම ආදියෙන් නිර්මාණය කරන සිහිවටන මහා බ්‍රිතාන්‍යයේත්, ජර්මනියේත් අලෙවිය තහනම් කර ඇත.
අලි ඇතුන් දඩයම් කිරීමට බොට්ස්වානා රජය අවසර දීම සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කරමින් ජර්මන් පරිසර අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයට විරෝධය පළ කරමින්, කෝපයට පත් බොට්ස්වානා ජනාධිපති මොක්ගුවේට්සී මසීසී මෙසේ පැවැසීය.
‘අපට අපේ අලි ඇතුන් ගහණය හිසරදයක්. ඒක ජර්මනියට තේරෙන්නේ නැහැ. අපි අලි ඇතුන් මරා දමනවාට ජර්මනිය විරුද්ධ නම්, අපි ජර්මනියට අලි අතුන් 20,000 ක් යවනවා. එතකොට ජර්මන් වැසියන්ට වැටහේවි අලි ඇතුන්ගේ තරම’ යැයි බොට්ස්වානා ජනාධිපති මොක්ගුවේට්සී මසීසී මාධ්‍ය හමුවේ පැවැසුවේ ආවේගශීලීවය.
බොට්ස්වානා අලි ඇතුන් ඝාතනය සම්බන්ධයෙන් මෙන්ම, අලි අතුන්ගෙන් නිපදවන සැමරුම් බ්‍රිතාන්‍යයට ගෙන්වීම සම්බන්ධයෙන් තහංචි පැනැවූ අවස්ථාවේදී ද කෝපයට පත් වෙමින් අලි ඇතුන් 10,000 ක් ලන්ඩනයේ හයඩ් පිටියට එවනවා යැයි ද බොට්ස්වානා ජනාධිපති මොක්ගුවේට්සී මසීසී ජනාධිපති පවසා ඇත.
(ඒ.එෆ්.පී.)