'ඩෙල්ටා' විකෘතියට වඩා දස ගුණයකින් ප්‍රබල බවත්, විකෘති ප්‍රභේද දහයක් මුසු වී නිර්මාණය වුණු බවත් පැවැසෙන බිහිසුණු 'කොවිඩ් 19' ප්‍රභේදය 'ඔමික්‍රොන්' Omicron යනුවෙන් නම් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය කටයුතු කර තිබේ.
ඒ සමඟ ම 'ඔමික්‍රොන්' අවදානයෙන් පසුවිය යුතු 'කොවිඩ් 19' විකෘතියක් බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇගවීමක් කර තිබේ.
දකුණු අප්‍රිකාවෙන් සහ බොට්ස්වානා රජ්‍යයෙන් පළමු වරට හඳුනාගත් මෙම විකෘතිය B.1.1.529 යන නමින් හැඳින්විණි.
(රොයිටර්)