ලතින් ඇමෙරිකා රාජ්‍යයක් වන වෙනිසියුලාවට අයත්ව තිබූ අවසන් ග්ලැසියරයත් දිනෙන් දින හැකිලෙමින් පවතින බව විදෙස් මාධ්‍ය පවසයි. ඒ ගෝලීය උණුසුම නිසා නිර්මාණය වූ එල් නීනෝ නමැති විපරිත දේශගුණික විපර්යාස හේතුවෙනි.
වෙනිසියුලාවට ග්ලැසියර කීපයක් තිබුණු අතර, ඒ සියල්ල සියල්ල දියවී හැකිලී ගියේ ද දේශගුණික විපර්යාසවල ප්‍රතිඵලයක් වශයෙනි. ඉතිරිව තිබුණේ මුහුදු මට්ටමේ සිට මීටර් 5,000 ක් ඉහළින් සියේරා - නෙවාඩා කඳු පන්තියේ පිහිටා ඇති ‘හම්බෝල්ට්’ ග්ලාසියරයයි.
මෙය හෙක්ටයාර් දෙකක ප්‍රදේශයක් පුරා පැතිර තිබුණු නමුත් දැන් දිනෙන් දින මෙය දියවී හැකිලීමට පටන් ගෙන ඇත.